Saturday, June 30, 2012

හායි! බායි!! (අතිශයින් ම පෞද්ගලිකයි)

    මේක අතිශයින් ම පෞද්ගලික පෝස්ටුවකි. මූනුපොතේ ලින්ක් එකක් නොදාන්නේ ඒ නිසා ය. ඔක්කොට ම කලින් මගේ සුවදුක් විමසූ සැමට ඉස්තුති කරමි. උඹට තියෙන්නේ අහවල් ලෙඩේ දැයි විමසූ හැම එකාටම මගේ හද පිරි තුති ය. :ඩී දැන් නම් ටික ටික හොඳ වෙමින් පවතී. ඒත් ඔලුවේ කැරකිල්ල අඩු නැත. "තිතට මතෙන්" ගැලවී "මතට කොමාවක්" දමා ඇත්තෙමි. (එය තිතක් නොවන බව කරුණාවෙන් සලකන්න. :පී). උඹට කෝමදැයි නිතරම අසන "මැන්ඩිට හා නිත්‍යාට ගොඩාක් ණයගැති ය. ඒ වගේම කියන්න දෙයක් තිබේ. හැම එකාම මට එක එක ඒව කවන්න ට්‍රයි කරන එක, එකෝමත් එක වෙලාවකට මළ ඇණයකි. ඒත් ඒ මගේම හොඳට බව ද මම දනිමි. උඹල වගේ හිතවතුන් ලබ්බනට මම "ලකී" උන එක ගැන හිතට සිරාවටම ෆිට් ය. :ඩී



     මේ දවස් ටිකේ හරියට ක්ලාස් යන්න බැරි උනෙත්, ගිය ඒවගෙ "දක්ශයන්ගේ පේලියෙ, (අන්තිම පැත්තෙන් පළවෙනි එක :ඩී) හිටියෙත් අසනීප තත්වය මත ය. ජනක සර් ගේ පළවෙනි ටෙස්ට් එක මම ලොවෙත් නැතිවෙන්න ම කලෙමි. (මොකුත් ලියන්න බැරි උන එක වෙන ම කතාවක් ය.) ලබන සතියෙ මාක්ස් දෙන කොට හැන්ගෙන්න තැනක් මේ දවස් වල සොයමින් සිටිමි. හිට්ලර්ගෙ ටියුට් එකේ ගනන් දෙකහමාරක් හැදීමට දවස් තුනක් තිස්සෙ දත කමි. කෝම හරි ඒකට ගේම දෙන්න හිතාගෙන සිටිමි. :ඩී



     ම්ම් මේකෙ ලියන්න ගොඩක් දේවල් හිතාගෙන හිටි නමුත් හිතට සිතුවිලි ගලා ඒමේ පොඩි මෙව්ව එකක් පවතී. (අහපියකො බලන්න තොට තාමත් වැඩි ද කියල එකෙක්. :පී) 



    අහ්! ඊයෙ, මම ඇය දුටුවෙමි. ඇය වෙනදටත් වඩා සුන්දර ලෙස දුටිමි. ඒත් දැන් ඇය ලොකු ලයින් එකකි. මෙඩිකල් කොලේජියේ නිසා අමුතු රැස්පෙක්ට් එකක් ඇත. මේව මතක් වෙනකොට පයනු අත දිගලෝ යනු ය. ජීවිතේ හැටි එහෙම ය. දැන් මට දුකක් නැත. "Life holds circumstances, but circumstances never hold life" කියල අපේ කලන් කිව්ව එක මට හොඳට මතකය. ඒක නිසා ඔක්කොම ශේප් වෙමින් පවතී. :ඩී ම්ම්ම් කෙල්ලො කතා මේ ඇතිය. :)



    අහ්හ් ම්ම් "නුවර යුගේ" විදියට කතා කරන එක මාර ආතල් ය. "කවි කඳුරෙන්"(සුමේත්‍රා රාජකරුණානායක ) ලද පන්නරයට, "බුද්ධිකගේ යට ගිය දවස" කියවීමෙන්  ඔක්සිජන් ලැබුනි. අහ්හ් මේ දවස් වල මම වැඩියෙන් ම අහන සoගීතය "Yanni's Prelude " ය. එහි වාදනය කරන අවුරුදු 3000ක් පරන "ඩුඩුක්" නම් ඉන්ස්ටෘමන්ට් එක මගේ හැඟීම් වලට ම කතා කරනවා ය. තව "Paolo Nutini" ගේ "Last Request " සින්ග් කරන්නට පොඩි ට්‍රයි එකක් දෙමි. ඒක නම් සිරාම සිරා ය. 




"Grant my last request,

And just let me hold you.

Don't shrug your shoulders,

Lay down beside me.

Sure I can accept that we're going nowhere,

But one last time let's go there,

Lay down beside me...."





 දැන් මට නිදිමත ය. නිදාගන්න ඕන ය. ඔක්කොටම "ගුඩ් නයිට්" ය! :ඩී 




මෙම පෝස්ටුවේ අරමුණ පසුගිය දිනවල හිතවතුන් සමග කතාබස් කිරීමට නොහැකිවීමෙන් ඇතිවූ රික්තය පිරවීම පමණක් බව කරුණාවෙන් සලකන්න.

Tuesday, June 26, 2012

"To her"

Click this video before going through the post.


 Nither of us was tired. We went into the living room, he put on a record and did exactly as I had hoped: he lit the fire and poured me some wine. Then he opened a book and read:

A time to be born, and a time to die;
A time to plant, and a time to pluck up that which is planted;
A time to kill, and a time to heal;
A time to break down, and a time to build up,
A time to weep, and a time to laugh;
A time to mourn, and a time to dance;
A time to cast away stones, and a time to gather stones together;
A time to embrace, and a time to refrain from embracing;
A time to get, and a time to lose,
A time to keep, and a time to cast away;
A time to rend, and a time to sew;
A time to keep silence, and a time to speak;
A time to love, and a time to hate;
A time of war, and a time of peace.

This sounded like a farewell, but it was the loveliest farewell I would ever experience in my life...

      An extract from "ELEVEN MINUTES" by" Paulo Coelho.

Monday, June 25, 2012

"වන් මෑන්'ස් ඩ්‍රීම්" (One Man's Dream)

   මම ගොඩාක් ආස කරන වගේම රසවිඳින මියුසික් ක්ලිප් එකක් තමයි "යානිගෙ වන් මෑන්'ස් ඩ්‍රීම්". දවසෙම හති වැටෙනෙකම් ලුම්පන් බලවේග අපේ ඔලු වලට පටවපු ජීවිතේ සිල්ලර ඉලක්ක, එහෙමත් නැත්නම් අරමුණු පස්සෙ දුවල දුවලා රෑට නිදාගන්න හදන වෙලාවක එන්හේස්මෙන්ට් එකක් දාගෙන "වන් මෑන්'ස් ඩ්‍රීම්" ඇහුවාම එලි වෙනකම් ම කල්පනා කර කර රාත්‍රියේ කලුවරත් එක්ක මිශ්‍ර වෙලා එන පාලුවයි, ඒත් එක්ක ම සෙට් වෙච්ච වචනෙන් කියලා විස්තර කරන්න අමාරු හැඟීමුයි රසවිඳින්න පුලුවන්. :ඩී

   නදීක ගුරුගේ නම් මේ අවස්ථාව විස්තර කරන්නෙ,

        "එතනදී කාලය ශුහුන්යයි,
         අවකාශය අනන්තයි.."


කියල. කොහොමින් කොහොම හරි හීන වලට අපේ ජීවිත වල ගොඩාක් වැදගත් තැනක් තියෙනව නේ. බලාපොරොත්තු නැති බන්ගස්තාන වෙලා, මරියානා ආගධෙනුත් පල්ලෙහාට වැටිල ඉන්න වෙලාවල් වලට මිනිහෙක්ට අලු ගසල දාල ෆීනික්ස් කුරුල්ල වගේ නැගිටින්න ඔක්සිජන් දෙන්නෙ හීන මිසක් වෙන කව්ද.. නේද. (ඔය වගේ වෙලාවකට යට වෙච්ච හීන මතු කරල දෙන්න හරි, අලුතින් හීනයක් හදල දෙන්න හරි ගොඩක් දෙනෙක්ට දෙවැන්නෙක්ගෙ උදව් ඕන වෙන එක වෙනම කතාවක්).
     ඇල්කෙමිස්ට් සන්තියාගෝට කිව්වෙ "Continue dreaming, Believe in omens" කියල නෙ. ඒ කියන විදියට හීන වලින් පේන්නේ අපේ යටි හිතේ තියෙන දෙවල් ම වෙන්නත් අමාරුයි නෙ. ඒත් නිධානයක් හරි, ඊජීප්තුවේ පිරමීඩ හරි සන්තියාගෝ ගෙ යටි හිතේ තිබ්බෙ නෑ කියල කියන්නත් කාටවත් බෑ නේ. ඔය මොන දේ උනත් "The Alchemist   " නිකන් ම නිකන් ෆැන්ටසියක් කියල විතරක් හිතන කට්ටියකුයි, පාවුලෝ කොය්යො, හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් වගේ සුරන්ගනා කතා කාරයෙක් කියල හිතන පොරවලුයිත් ඉන්නව නෙ. නැද්ද මo අහන්නෙ? :)

   කොහොමින් කොහොම හරි අපි ඉපදුන මොහොතෙ ඉඳන් අපි වටේ ඉන්න අයයි, අපියි ඔක්කොමල අපි ගැන හීන දකිනව නෙ. අපි වයසින් වැඩෙන කොට හීනත් අපි වගේ ම ලොකු වෙනවා. එහෙම තමයි හීන මාලිගාවල් වලට බදාම, කොන්ක්‍රීට් ඇනෙන්නෙ. මොකක් හරි වෙලා හීන මාලිගාවක් සුන්නද්දූලි වෙලා ගියොත් නම් ඉතින් ඒක ලොකු දුකක් නෙ. එතකොට ඩුබායි වලින් ට්‍රාන්සිස්ට් තියෙන එමිරේට්ස් ෆ්ලයිට් එකක ඉකොනොමි පැසෙන්ජර් කෙනෙක් වගේ අපිටත් ලට්ට ලොට්ට ඔක්කොම උස්සගේන අලුත් හීනෙකට, නැත්නම් හීන මාලිගාවකට ගොඩ වෙන්න බැරි කමක් නැත්තෙම නෑ නෙ. (හැබැයි මේක ප්‍රායෝගිකව කරන කොට ටිකක් අමාරුයි.)





   හීන අතුලේ ජීවත් වෙන අපි හැමෝම, ජීවත් වෙන්නෙ හීනයක් ඇතුලෙ කියල දන්නේ නෑ නෙ. ඒක හරියට "ඔබ සිටින්නේ මගේ සමුද්දේශ රාමුවේයි" කියල ජනක සර් කිව්ව ම අපි ගත්ත ගොන් ආතල් එක වගේ කතාවක් නෙ. ලෝකෙ අද තියෙන තැනට ගෙනාවේ මිනිස්සුන්ගෙ හීන කියල කිව්වොත්, "මොන බොරුද යකෝ, එතකොට අර අපි "ඇස්ට්‍රොනොමි ඔලිම්පියාඩ්" එකට පාඩම් කරේ අහවල් එකක් ද?..?" කියල අහන පොරවලුත් මේක කියවයි නේ. :ඩී

    දැන් නම් මට හීන ලොකේ ගැන ලිව්ව ඇති වගේ කියල හිතෙනව. කොහොමත් යානිගෙ "One man's Dream" මිනිත්තු 3.37 ක ක්ලිප් එකක් නෙ. රෑ එලි වෙනකන් කල්පනා කරන්න දෙවල් එනව කිව්වට මට රෑ එලි වෙනකන් මේ පෝස්ට් එක ලියන්නත් බෑ නෙ. හික් හික් :ඩී

   මo මේ, රතු පොළොවෙන් ස්වයoජාත රත් හැල් මතුවෙනකන් බලන් ඉන්න දියසේන වාදින්ටයි, කන්දක් උඩ ගිනි පිඹින මකරෙක් ආරක්ශා කරන බලකොටුවක හිර කරල ඉන්න ෆියෝනා කුමාරිටයි, එයාගේ චාමින් කුමාරයටයි, වින්ඩෝ ලවින්ග්  කන්සෙප්ට් එක ඔලුව උඩ තියන් ඉන්න ඒකාලටයි, ගිටාර් එකක් එල්ල ගෙන නට නට "No woman No cry" කියල කෑගහල කියල ගෙදර ගිහින් අරකි නැති පාලුවට කොට්ටෙ බදන් අඬන සිරාම ලවර්ස්ලටයි, අපිත් එක්ක පිස්සු නටල නටල ගෙදර ගිහින් "v ප්‍රවේගෙන්" පාඩම් කරල බ්‍රහස්පතින්දා ටෙස්ට් එකෙන් ටොපා වෙන්න ගේම දෙන පොරවල් වලටයි ඔක්කොමලට කියන්නෙ, "Continue Dreaming, Believe in Omens.." (ඒත් මන් ඇල්කෙමිස්ට් නෙවෙයි හොඳේ. :ඩී :ඩී)



(Forgive me for not mentioning such things like "I have a dream", "in my dreams", " Dreamy girl" etc..)

Categories