Tuesday, June 11, 2013

මරණය

"හිරු මඬල යට සිදු කැරෙන වැඩකටයුතු සියල්ල මම දැක ඇත්තෙමි; බලනු මැනව. ඒ සියලු දෑ නිශ්පලභාවය ද, ආත්මයේ පීඩාව ද වන්නේ ය."
                                                                                        දේශනාකාරයාගේ පොත
                                                                                         1-14(ශුද්ධ බයිබලය )

රාත්‍රිය තම පියාපත් නගරය මත විහිදවීය. හිම පතනය එයට ඇඳුමක් වූයේ ය. සීතල, තම තමන්ගේ නිවෙස් හි රැකවරණය ලබනු පිණිස මිනිසුන් වෙළඳපොළින් පලවා හැරියේ ය. මළවුන් වෙනුවෙන් වැළපෙමින් සොහොන්කොත් අතර සිටගෙන සිටින ශෝක වන්නෙකු සේ මාරුතය නිවෙස් අතර සුසුම්ලමින් නැගී ආවේ ය.


නගරයෙන් බැහැර සීමාවෙහි අබලන් බිත්ති සහිත පැරණි නිවෙසක් තිබිණ. ඒ මත හිම පතිත වී බර වූයෙන් එය බිඳ වැටීමට ආසන්න තත්වයකට පත් වූයේ ය. නිවෙසෙහි එක් මුල්ලක යහනක් විය. ඒ මත මරණාසන්න මිනිසෙක් වැතිර සිටියේ ය. ඔහු, පහනක දුබල එළිය, අඳුර හා සටන් කරන අයුරු පරීක්ෂාවෙන් බලා සිටියේ ය. ඔහු ජීවිතයේ වසන්ත සමයේ පසු වන යෞවනයෙකු විය. පැවැත්මේ බන්ධන වලින් තමා මිදෙන හෝරාව ළ0ව ඇතිබව ඔහු දැන සිටියේ ය. එලෙසම ඔහු මරණයේ පැමිණීම ද බලාපොරොත්තු වෙමින් සිටියේය. ඔහුගේ දෙතොල මත දුක්බර සිනාවක් ද, මුහුණෙහි සුදුමැලි අවයව මත බලාපොරොත්තුවක ආලෝකය ද පැතිර පැවතියේ ය.

තම සොඳුරු කියමන් වලින් මිනිස් හදවත් සතුටු කරවනු පිණිස පැමිණ සිටි ඔහු කවියෙක් විය. ධනවතුන්ගෙන් හා ජීවත් වන්නවුන්ගෙන් පිරී ගිය නගරයේ ඔහු සාගින්දරෙන් පෙළෙමින් මරණාසන්න වී සිටියේය. මිහිමත දිවිය මිහිරි කරනු පිණිස දෙවිවරුන්ගේ දයා කරුණාවේ මහිමයෙන් මෙලොවට බට උදාර ආත්මයක්, තමා හා සමඟ මනුෂ්‍ය වර්ගයා සිනාසීමට ද පෙර අප ගේ ලොවින් සමු ගනිමින් සිටියේ ය.

ඔහු තම අවසන් හුස්ම පොද හෙළමින් සිටියේ ය. පහන හැර අන් කිසිවෙක් ඔහු පසෙකින් නොවූහ. ඔහුගේ හුදකලාව තුල මිතුරා වශයෙන් සිටියේ ඒ පහනත්, ඔහුගේ කාරුණික ආත්මයේ රූප සටහන් කැරුණු කඩදාසි කැබලිත්ය.

හීන වෙමින් තිබුණු තම ශක්තියේ ශේෂ වූ ප්‍රමාණය එක් කැරගත් මරණාසන්න යෞවනයා අහස් ගැබ දෙසටැ තම දෑත් යොමු කළේ ය. තමාගෙන් සමුගෙන යන දෑසේ පෙනීම, ඒ ගරා වැටුණු නිවෙසෙහි වහළය විනිවිද වළාකුළු වලත ඔබ්බෙහි වූ තරු දැකගනු ඇතැයි සිතමින් ඔහු තම මලානික ඇසිපිය සැලුවේ ය. ඔහු මේසේ කීවේ ය.

"සොඳුරු වූ මරණය! දැන් මෙහි එනු මැනව. කුමක් හෙයින් ද යත්, මගේ ආත්මය ඔබ කෙරෙහි මහත් ආශාවෙන් පසු වන බැවිනි. ළoවී, මේ භෞතික විලoගු මුදා හරින්න. කුමක් හෙයින් ද යත්, ඒවා පොළොව මත ඇදගෙන යාමෙන් මා විඩාපත් ව සිටින බැවිනි. ඉමිහිරි මරණය, එසේ නම් පැමිණ මිනිසුන්ගෙන් මා මුදවාගන්න. ඔවුහු ඔවුනතර මා ආගන්තුකයෙකු ලෙස සලකති. කුමක් හෙයින් ද යත්, මා මනුෂ්‍ය වර්ගයාගේ භාශාවෙන්  සුරදූතයන්ගේ භාෂාව කතා කළ බැවිනි. ඉක්මන් කරනු මැනව. ඔවුන් මා පිළිකෙව් කොට, අමතක බවේ කෙළවරකට මා විසි කළ බැවිනි. කුමක් හෙයින් ද යත්, ඔවුන් මෙන් මා වස්තු තණ්හාවෙන් නොපෙළුනු බැවිනි. මට වඩා දුර්වල තැනැත්තෙකුගෙන් මා ලාභ නොලැබූ බැවිනි. ආදරයෙන් පිරි ඔබේ ළයට මා තුරුළු කරගනු මැනව. මගේ දොතොල සිපගනු මැනව. ඒ දෙතොල මවකගේ චුම්බනය රස නොවින්දේ ය; සොහොවුරියකගේ කොපුල් තල ස්පර්ශ නොකළේ ය. ප්‍රේමවන්තියකගේ මුව මඬලෙහි පහස් එයට දැනී නැත. මරණය, මා ප්‍රියාදරිය! ඉක්මණින් මා වැළඳගනු මැනව."

එවිට අලෞකික සුන්දරත්වයකින් හෙබි කාන්තාවකගේ රුවක් ඒ අවසන් හුස්ම හෙළමින් සිටි තරුණයාගේ යහන පසෙකින් සිටගෙන් හුන්නේ ය. හිම මෙන් සුදු පැහැති ඇඳුමකින් ඇගේ ගත සැරසී තිබිණ. දිව්‍යමය මිටියාවත් වලින් නෙළාගත් ලිලී මලින් තැනූ ඔටුන්නක් ඇගේ අතෙහි විය.

ඈ ඔහුට ළoවි ඔහු වැළඳගත්තා ය. ඔහු තම ආත්මයේ දෑසින් තමා දෙස බලති යි සිතූ ඈ ඔහුගේ දෙනෙත වැසුවා ය. ඈ ප්‍රේමයේ චුම්බනයකින් ඔහුගේ දෙතොල සිපගත්තා ය. එයින්  ඔහුගේ දෙතොල මත පරමාර්ථසාධනයේ සිනාවක් ඉතිරි කරවී ය. ඒ මොහොතෙහි ඒ කුඩා නිවෙස, පස් ද, අඳුරු මුලුවල විසිර ගිය කඩදාසි කැබලි ද හැර අන් කිසිවක් නොමැති ස්ථානයක් බවට පත්වූයේ ය.

දිගු කාලයක් ගතව ගියේ ය. ඒ නගරයෙහි ජනයා අවිද්‍යාවෙහි හා අඥානකමෙහි මුර්ච්ජාව තුළ රැඳී කල් ගෙවූ හ. ඒ මුර්ච්ජාවෙන් පිබිද සිටි කල්හි ඔවුහු දැනුමේ උදාව දැකගථ. ඔවුහු නගර මධ්‍යයෙහි කවියාගේ විසල් පිළිමයක් ඉදි කළ හ; වසරක් පාසා නියමිත කාලයකදී ඔහුට ගෞරව කරනු පිණිස උත්සවයක් පැවැත්වූ හ.

මනුෂ්‍යයෝ කෙතරම් මෝඩයෝ ද!

                                                                                                      උපුටා ගැනීමකි.

Sunday, June 2, 2013

වේදනාව/Pain



"Would you know my name 

If I saw you in heaven? 
Would it be the same 
If I saw you in heaven? 
I must be strong and carry on 
'Cause I know I don't belong here in heaven 



Would you hold my hand 
If I saw you in heaven? 
Would you help me stand 
If I saw you in heaven? 
I'll find my way through night and day 
'Cause I know I just can't stay here in heaven 



Time can bring you down, time can bend your knees 
Time can break your heart, have you begging please, begging please 



Beyond the door there's peace I'm sure 
And I know there'll be no more tears in heaven"


1991 මාර්තු 20 දා, කොනොර්, එරික් ක්ලැප්ටන්ගෙ අවුරුදු හතරක් වයස පුතා, නිව්යෝක් නගරෙ ගොඩනැගිල්ලක පනස් තුන් වෙනි තට්ටුවෙ තිබුණ එයාගෙ අම්මගෙ යාලුවෙක්ට අයිති "අපාර්ට්මෙන්ට්" එකක ඉඳලා වැටිලා මිය ගියා. මේ සිද්ධියෙන් සුලු මොහොතකට පස්සෙ එතනට ආපු එරික් ක්ලැප්ටන්ගෙ මුලු ලෝකෙමත් ඒ පනස් තුන් වෙනි තට්ටුවේ ඉඳන් ගුරුන්ත්වජ ත්වරණෙන් ම පහළට වැටිලා චූටි චූටි අ0ශු සිය දහස් ගාණකට කුඩු පට්ටම් වෙලා ගියා. ඊට අවුරුද්දකට විතර පස්සෙ රැවුලයි කොණ්ඩෙයි වවාගත්තු, හරිම අපිළිවෙළ එරික් ක්ලැප්ටන් කෙනෙක් ලෝකෙ ඉස්සරහට ඇවිත් "ටියර්ස් ඉන් හෙවන්" කියලා සින්දුවක් කිව්වා. ඒ සින්දුව "බිල්බෝඩ් හොට් 100 සින්ග්ල්ස්" වල දෙවෙනි තැනට ආවා. අනූදෙක අවුරුද්දෙ 'අමෙරිකන් අඩල්ට් කන්ටෙම්පරරි චාට්" එකේ සති තුනක් පළවෙනි තැන තිබුණා. ඊට අවුරුදු දොලහකට පස්සෙ 2004 අවුරුද්දෙ, ඉන්දියන් සාගරේ සුනාමියක් ඇති වෙලා ලoකාවෙ මුහුදුබඩ පළාත් ඔක්කොම දහස් ගණන් මිනිස් ජීවිතත් එක්ක මුහුදටම අරන් ගියාට පස්සෙ බටහිර රටවල් වල කලාකරුවො වගයක් එකතු වෙලා ලන්කාවෙ මිනිස්සුන්ට ආධාර හොයන්න ආයෙම සැරයක් අලුත් විදියකට "ටියර්ස් ඉන් හෙවෙන්" කිව්වා. 


2010 අවුරුද්දෙ දවසක කැලිෆෝනියා වල බ්‍රිමන් හෙද විදුහලේ "කෙලී ලැන්කෙස්ටර්" අන්තර්ජාලෙ කොහේ හරි මුල්ලක වෙබ් අඩවියක කමෙන්ටුවක මෙහෙම ලිව්වා. "මගේ අම්මා එයාගෙ අවමගුල් උත්සවේ දි "ටියර්ස් ඉන් හෙවෙන්" වාදනය කරන්න කියලා ඉල්ලීමක් කරා. අපි දැනන් හිටියෙ නෑ එයා "එරික් ක්ලැප්ටන්" ගෙ රසිකයෙක් බව. ඒක ඇයට සමුදෙන්නත්, දැන් ඈ අපි එනකන් බලාගෙන ඉන්න තැන අපිට මතක් කරවන්නත් හොඳම විදිය වුනා. මම ඇගේ තුන්වෙනි දුව. ඈ හැමදාමත් හොඳම මිතුරිය. අම්මේ, මම ඔබට ආදරෙයි..."

මලර් සෙල්වනාතන්, ත්‍රිකුණාමලේ ඉපදිලා යුද්ධ කලබල අස්සෙ ඉන්දියාවට සoක්‍රමණ වෙච්ච දෙමළ පවුලක එකම දුව. එයා පිළිකාවක් හැදිලා මිය ගිහින් අවුරුද්දක් පිරුණ  2013 අවුරුද්දෙ දවසක එයාගෙ පවුලෙ ඤාතියො එකතු වෙලා පිහිටුවා ගතපු "මලර් සෙල්වනාතන් පදනම" පිළිකා රෝගීන්ට ආධාර එකතු කරන්න චෙන්නායි නගරෙ ශාලාවක ස0ගීත ප්‍රස0ගයක් පැවැත්වුවා. මලර් සෙල්වනාතන් ගෙ 20 හැවිරිදි පෙම්වතා කලු පාට "ස්ලයිඩ් ගිටාර්" එකක් වාදනය කර කර "ටියර්ස් ඉන් හෙවන්" ගායනා කරලා කඳුලු කමිස අතෙන් පිහිදාගෙන ප්‍රේක්ෂකයින්ට ඔලුව නවලා ආචාර කරා. 




"Love of my life, you've hurt me

You've broken my heart and now you leave me
Love of my life, can't you see?
Bring it back, bring it back, don't take it away from me
because you don't know what it means to me..."

ලෝකෙ ප්‍රසිද්ධම රොක් ගායකයා, ක්වීන් සoගීත කණ්ඩායමේ "ෆ්‍රෙඩී මර්කරි" දහස් ගානක් ප්‍රේක්ෂකයො ඉස්සරහා මුලු වේදිකාවෙම ඇවිද ඇවිද "ලව් ඔෆ් මයි ලයිෆ්" සින්ග් කරා. මර්කරි මේ සින්දුව ලිව්වෙ එයාගෙ පෙම්වතී, "මාරි ඔස්ටින්" වෙනුවෙන්. ලෝක ප්‍රසිද්ධ ගායක, තමන්ගෙ සැමියා සමලිoගිකයෙක් කියලා දැනගත්ත මාරි, මර්කරි ගෙන් වෙන්වුනා. ලෝකෙ පුරාම ලක්ෂ ගාණක් ප්‍රේක්ෂකයො ඉස්සරහ, "බ්‍රයන් මේ" ගෙ ගිටාර් එකත් පිටිපස්සෙන් තියාගෙන මර්කරි "ලව් ඔෆ් මයි ලයිෆ්" වචන පේලි අතරෙ ෆ්‍රෙඩී මර්කරි තමන්ගෙ වේදනාව දිය කරා. 1991 දි ඒඩ්ස් රෝගය නිසා  හැදිලා මිය ගියත්, අද වෙනකන් ම ලෝකෙ පුරාම මිනිස්සු මිලියන ගාණක් "ලව් ඔෆ් මයි ලයිෆ්" අහනවා. ඒ වචන අස්සෙන් රින්ගලා තමන්ගෙම ලෝකෙට ගිහින් තමන්ගෙ ආදරේට කතා කරනවා.

"Could you be loved
And beloved..?"

 කියපු ජැමෙයිකාවෙ "ට්‍රෙන්ච් ටවුන්" වල කලු ජාතික කම්කරු අම්මෙකුට, සුදු ජාතික වතු පාලකයෙක්ගෙන් ලැබුණු දුඹුරු පාට කොල්ලා, "බොබ් මාලේ" තමන්ගෙ මුලු ළමා කාලෙම මුඩුක්කු පරිසරේක අන්ත දුක් විඳිමින් ගත කරා. ඊට පස්සෙ රෙගේ රජ්ජුරුවො විදියට, ගන්ජා දුම් පානයෙන් පිළිකාවක් හැදිලා මිය යනකන්ම තමන්ගෙ නිර්මාණ හැම එකකින් ම ලෝකෙන් හැoගිලා තියෙන, තමන්ගෙ මිනිස්සුන්ගෙ දුක් වේදනා ලෝකෙටම ඇහෙන්න කිව්වා.  

කලු කොල්ලෙක් විදියට ඉපදිලා සුදු ගැහැණියක් විදියට මිය ගියපු, ප්ලාස්ටික් සැත්කම්, මත්ද්‍රව්‍ය, අසාර්ථක විවාහ එක්කම ජීවිතේ බෙදාගත්තු "මයි



කල් ජැක්සන්", නිව්යෝක් නගරෙ හෝටල් කාමරේක අධික මත්ද්‍රව්‍ය මාත්‍රාවක් එන්නත් කරන් මිය ගිය "විට්නි හූස්ටන්", ගණිකාවන්ගෙ ඇසුර නිසා ම උපදoෂය හැදිලා මියගියපු ලෝකෙ ශ්‍රේෂ්ඨතම ලේඛකයෙක් විදියට සැලකෙන "ගී ද මෝප සාo".. තව කී දෙනෙක් නම් ගැන මෙහෙම කියාගෙන කියාගෙන යන්න පුලුවන් ද?

"මේ හැම මිනිහෙක්ම තමන්ගෙ වේදනාවන් ලෝකෙ ඉස්සරහ දිග හැරියා. ලෝකෙම මිනිස්සු මෙයාලගෙ වේදනාවන් තමන්ගෙ කරගෙන තනි තනියෙන් යම්කිසි රසයක් වින්දා. ඒත් මුලු ලෝකෙම දැක්කෙ මේ මිනිස්සුන්ගෙ එළියට පේන දිලිසෙන තරුවක අතුරු මුහුණත විතරයි. ඒත් ඊට පිටිපස්සෙන් තියෙන අඳුරු ආත්ම කිසි කෙනෙක් දැක්කෙ නෑ." අයිෂ්වරී කිව්වා. 

උඹට බෑ කලාකාරයෙක් වෙන්න. මිනිහෙක් කලාකාරයෙක් කරන්නෙ "වේදනාව." "රොක් ස්ටාර්" ෆිල්ම් එකේ එක තැනක රන්බීර් කපූර්ට කව්ද කෙනෙක් කිව්වා. 





Categories