Tuesday, November 19, 2013

කලු සමනලයා 1


අපේ ජීවිත කතාව, හැම වෙලේම ලියවෙන්නෙ අපට ඕන විදියටම නෙවෙයි නෙ. ඒක අපි ඉපදෙන කොටම දෙවියන් වහන්සේ විසින් ලියවිලා තියෙනවා කියලා හරි, අපිට ඒකට යම් යම් සoශෝධන විතරක් එකතු කරන්න පුලුවන් ය කියලා හරි මම කියන්න උත්සාහ කරන්නෙ නෑ. ඒත් අපිට ඕන හැම දෙයක් ම අපේ ජීවිත වලදි සැබෑ කරගන්න බෑ නෙවෙයි, අමාරුයි කියන එක නම් අපි හැමෝටම පිලිගන්න වෙනවා නෙ. ඉතින් මේ කඳු නැගගෙන පල්ලම් බැහැගෙන යන අපේ ජීවිත ගමන දිහා ආපහු පොඩ්ඩක් හැරිලා බැලුවාම අපි සතුටු වෙච්චි තැන්, දුක් වෙච්චි තැන්, අඬපු, හිනා වෙච්චි තැන්, ආදරේ කරපු, වෛර කරපු තැන්, ඔක්කොම එක්කහු වෙලා මහ අමුතු චිත්‍රයක් නෙ මවන්නෙ. ඒකත් එක්කම ඒ දිහා බලන් ඉන්නකොට දැනෙන හැඟීම ඊටත් වඩා මාරම අමුතුයි නෙ. ස්වභාව ධර්මයෙ හරි එහෙමත් නැත්නම් සර්ව බලධාරියෙකුගෙ හරි අපි හරියටම නොදන්න, ඒත් අපට මොන ම විදියකින් වත් මිදෙන්න බැරි මහා විශාල නීති, නියම, රීත් පද්ධතියකින් හරි, ඒ වගේ මොන මගුලකින් හරි අපි ඔක්කොම එකට බැඳිලා ඉන්න බවක් අන්න ඒ හැඟීම අස්සෙන් දැනෙන්න ගන්නවා නෙ.




ඒක තව පොඩ්ඩක් පැහැදිලිව කිව්වොත්, අපි ඔක්කොම උපදින්නෙ එකම විදියට, එකම ක්‍රියාවෙ ප්‍රතිඵල තමයි අපි. දැන් කවුරු හරි කෙනෙක් කියන්න පුලුවන් මාව සීසර් කරලා අරන් තියෙන්නෙ, මo මාස අටෙන් ඇවිත් තියෙන්නෙ අරක ද මේක ද කියලා. ඒක තමයි මo ඊලඟට කියන්න හදන්නෙ. අපි ඔක්කොම එකම විදියට ඉපදුනාට අපි හැමෝම ඒ එකම විදිය ඇතුලෙ අපේ අනන්‍යතාවක් හදාගෙන ඉපදිලා තියෙන්නෙ. එක්කෙනෙක් ඇවිත් තියෙන්නෙ තනියට තව නිවුන් සහෝදරයෙකුත් අරන්, තව එක්කෙනෙක් අම්මාට ගොඩාක් වද දිදී පැය ගාණක් එන්න හද හදා ඉඳලා, තව එක්කෙනෙක් පටස් ගාලා කිසිම වදයක් නැතුව ඇවිත්. ඔන්න ඔය වගේ එකම දේ විවිධ විදියට අපි නොදැනුවත් ව ම අපි කරලා නෙ. අපි හැමෝම ආදරය කරනවා, ජීවත් වෙනවා, සල්ලි හොයනවා, ලෝකෙ දිහා බලලා තීන්දු තීරණ ගන්නවා, ඔක්කොම කරලා අන්තිමේ මේ ලෝකෙට ටටා බායි කියලා යන්න යනවා. ඒත් ඒ හැම දෙයක් ම අපි කරන්නෙ මහ පුදුම විදියට වෙනස් ආකර වලට නෙ.



එතකොට ලෝකෙ පුරාම ඉන්න මිනිසුන්ගෙ සිතුවිලි වැඩකරන විදිය අතරෙ යම්කිසි සමානකමක් තියෙනවා නෙ. ලoකාවෙ අන්තිම රජතුමායි, ඇමරිකාවෙ පලවෙනි ජනාධිපතියි එකම පරම්පරාවෙන් බිහි වෙනවා නෙ. පරම්පරාවක් කියන්නෙ අවුරුදු 20 ක් කියන සාමාන්‍ය මතේට අනුව මම කියන්නෙ. ඒ දෙන්නාම එක්තරා යුගේක අවසානයයි, අලුත් යුගේක ආරම්භයයි සoකේතවත් කරන මහ ප්‍රභල සඔකේත නෙ. රෝම සභ්‍යත්වෙ මධ්‍යධරනී කලාපෙ පැතිරිලා මහා විශාල සoස්කෘතික ප්‍රමෝදයක් ඇතිවෙන කොට ඒ හා සමානවම ලo


කාවෙ රජරට රාජධානි බිහිවෙලා රෝමෙට නොදෙවෙනි බෞද්ධ සoස්කෘතියක් හැදෙනවා නෙ. රෝමෙ බිඳවැටිලා යුරෝපෙට අඳුරු යුගේ ආපු එකයි, ලoකාවෙ රජරට රාජධානි බිඳ වැටිලා වාරි කර්මාන්ත විනාශ වෙලා නිරිත දිගට මිනිස්සු ගියපු එකයි අතරෙත් ඒ වගේම සම්බන්ධතාවක් තියෙනවා නෙ. අපි දන්න ලෝකෙ අපි නොදන්න සම්බන්ධතා ජාලෙකින් එකට බැඳිලා තියෙන්නෙ නැත්නම් මේ ඔක්කොම වෙන්න අමාරුයි නෙ නේ ද? 

එතකොට ඇත්තටම මේ ලෝකෙ පුරාම ඉන්න මිනිස්සු, සත්තු, ගහකොල මේ හැම එකක් ම එකිනෙකට යා කරන, මේව අතරෙ අන්තර් සමානකම් ඇති කරන අපිට නොපෙනෙන මොකක් හරි බලවේගයක් තියෙනවා ද? ඒ වගේ සමානකම් අඳුරගෙන තියෙනව ද? ඒවාට අපි දන්න ගණිතයෙන් හරි, ජ්යෝතිෂයෙන් හරි, ප්‍රකාශන ව්‍යුත්පන්න කරගන්න පුලුවන් ද?

Translated from " Der schwarze Schmetterling" by Aswinda Uswatte.

Categories