Sunday, December 29, 2013

ලව් සහ ඉලව්


මට මේ ළඟදි එක්තරා බ්ලොග් පෝස්ටුවක් කියවන්න ලැබුණා. ඒකෙ ටයිට්ල් එක තිබ්බෙ "ආදරය" කියලා. ඒ බ්ලොග් එක ලියන සහෝදරී ගැනවත්, එයා කලින් ලියල තිබුණ යම් යම් ලිපි ගැනවත් යම් කිසි පූර්ව අවබෝධයක් මට නොතිබ්බ නිසා ඒ ලිපිය කියවන්න කලින් ඒ ලිපියෙ මොන මොන වගේ දේවල් තියෙන්න පුලුවන් ද කියන එක ගැන මට අබ මල් රේණුවකවත් පෙර අදහසක් තිබ්බෙ නෑ. ඉතින් කොහොම හරි ඒ ලිපිය දිගේ පහළට යද්දි මට ගොඩක් දේවල් තේරුම් ගියා. ඒක ලියපු කෙනා ගැන සහ එයා "ආදරය" ගැන දරන මතවාදය ගැන. කොටින්ම කියනවා නම් "ආදරේ" කියන්නෙ මොකක් ද කියලා එයා හිතන විදිය තමයි ඒ ලිපිය ඇතුලෙ තිබ්බෙ. ඒ ලිපිය යටින් යම්කිසි කමෙන්ට්ස් ගානකට පස්සෙ මෙන්න මෙහෙම කමෙන්ට් එකක් තිබ්බා. ඒක ලියලා තිබ්බෙත් ඒ ලිපිය ලියපු කෙනාමයි.


ප්‍රේමය නම් රාගයෙන් තොර,
සඳ එළිය සේ අචින්ත්‍යයි.
පිරිසිඳුයි, සුරම්‍යයි.

මේ නන්දා මාලිනීගෙ සින්දුවක කොටසක් නෙ. ඉතින් මo එතනින් කල්පනා කරන්න ගත්තා. යකඩෝ මල කෙලියයි නෙ. ඒ කියන්නෙ මo ජීවිත කාලෙටම කිසිම කෙල්ලෙකුට ආදරේ කරලා නෑ නෙ. එතකොට මට හිටපු සහ ඉන්න ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා  එකෙකුටවත් මo ආදරේ කරලා නෑ නෙ. මල හත්තිලව්වයි. "රාගයෙන් තොර සඳ එළිය සේ සෞම්‍යයි" කියන කොට වැරදිලාවත් කෙල්ලෙක්ගෙ අතින් අල්ලාගෙන බීච් එකක හවසකට ඇවිදින්න යන්න බෑ නෙ. එක ම එක කිස් එකක් වත් දෙන්නත් බෑ නෙ. කෙල්ලෙක්ගෙ ඇස් දිහා බලාගෙන හීන මවන්නත් බෑ නෙ. මොකෝ ඔය හැම එකක් ම කරන්න ගියාම ඇඩ්‍රනලීන් ද මොකක් ද කියන හොර්මෝනෙ එන්න පටන් ගන්නවා නෙ. හදවත ටිකක් වැඩි ශීඝ්‍රතාවෙකින් ලේ පොම්ප කරන්න ගන්නවා නෙ. මේ කියන විදියට "ඇත්ත ආදරේ" ඇතුලෙ ඔය මොකක් වත් තියෙන්න විදියක් නෑ නෙ. මාර සීන් එක. එතකොට මo නිකන් ම නිකන් සල්ලාලයෙක් නෙ.

ලෝකෙට එදා මෙදා තුර පහළ වෙච්චි ශ්‍රේෂ්ඨම විප්ලවවාදියා, එහෙම නැත්නම් "රැඩිකල් බ්‍රෑන්ඩ්" එක "චේ" වෙද්දි, හොඳම එහෙම නැත්නම් වැඩියෙන් ම කතා බහට ලක් වෙච්චි, ප්‍රේමවන්තයා "රෝමියෝ" නෙ. ඒ කියන්න "රෝමියෝ" අනිවාර්යෙන් ම "ඇත්ත ආදරේ" කියන්නෙ මොකක් ද කියලා දැනගෙන ඉන්න ඇතිනෙ. ඒත් වැඩේ කියන්නෙ රෝමියෝ ජුලියට් දෙන්නා, අතින් වත් අල්ලන්නෙ නැතුව, එක කිස් එකක් වත් සුදු පිරුවට වලින් ඒ දෙන්නාව ඔතාගෙන හිටි බවක් අපි අහලා නෑ නේද? ඔයා අහලා තියෙනව ද? අනේ මම නම් නෑ. එතකොට රෝමියෝගෙ ආදරෙයි, අර අපේ බ්ලොග් එක ලියපු සහෝදරී දකින ආදරෙයි අතරෙ මහ විශාල පරතරයක් තියෙනවා නෙ. ඇත්තටම මේක කොහොම ද ආවෙ?



ලoකාවෙ මිනිස්සු ඕනම වෙලාවක ඕන ම තැනකදි කියන්නෙ, අපිට අවුරුදු දෙදාස් පන්සීයක ඉතිහාසයක් තියෙනවා. අපිට තරම් සoස්කෘතියක් සභ්‍යත්වයක් මොන අම්මගෙ පුතාට වත් නෑ කියලා නෙ. මෙන්න මේ සoස්කෘතියයි සදාචාරෙයි එක්කහු වෙලා තමයි අර රෝමියෝගෙ ආදරෙයි, අර බ්ලොග් පෝස්ට් එක ලියපු සහෝදරීගෙ ආදරෙයි අතරෙ මහ විශාල පරතරයක් හදලා තියෙන්නෙ. ඒත් ඇත්තටම ලoකාවෙ අවුරුදු දෙදාස් පන්සීයක් නෙවෙයි, අවුරුදු දෙසීයක් ආපස්සට ගියොත්, ඒ කියන්නෙ සුද්දො මේ රටේ අහවල් වැඩේ කොරන්න කලින් අපේ මිනිස්සුන්ගෙ ආදරෙයි, රෝමියෝගෙ ආදරෙයි මහ පුදුම විදියට සමපාත වෙනවා.

ඇයි දෙය්යනේ "ඉසුරුමුණි පෙම්යුවල" අපේ මිනිස්සු ආදරේ කරපු හැටි අපිට කියන්නෙ නැද්ද? ඉසුරුමුණි පෙම්යුවල නිර්මාණය කරපු ශිල්පියා කාන්තා ශරීරෙක තියෙන සුකොමල බව, ලාලිත්‍ය අර තරම් ලස්සනට නිරූපණය වෙන විදියට වැඩේ කරලා තියෙන්න සිල් අරගෙන ද? එතකොට මේ කියන විදියට සීගිරි ළඳුන්ට හැට්ට අන්දවන්න වෙනවා නෙ. ඉස්සර රජ මාලිගාවෙ එක පැත්තක දළදා මාලිගාව. අනෙක් පැත්තෙ අන්තඃපුරය. මොකෝ හාමුදුරුවරු ගිහින් රජ්ජුරුවන්ට කිව්වයි "අනේ දේවයන් වහන්ස, අන්තඃපුරේ වහලා දාලා යකඩ දෝලි ටික ආපහු ගම් බිම් වලට යවනු මැනව" කියලා? ඉස්සර ලoකාව ඇතුලෙ ලිoගික නිදහස තිබ්බා කියන එකට ඕන තරම් සාක්ෂි තියෙනවා නෙ. මේඝදූතය ලියපු මහා කවි කාලිදාස ලoකාවට ඇවිත් මියගියේ ගණිකා නිවාසෙක සිද්ද වෙච්ච හුටපටය්ක් නිසයි කියනවා නෙ. ඒ පෝස්ට් එක ලියපු සහෝදරී අඩුම ගානෙ කව්සිලුමිණ වත් කියවලා තිබ්බා නම් බෝසත් කුස රජතුමාගෙනුයි, පබාවතීගෙනුයි ආදරේ මොකක් ද කියලා ඉගෙන ගන්නවා නෙ. 



මේ හැම දෙයක් ම වෙනස් වෙන්න පටන් ගත්තෙ වික්ටෝරියා සභ්‍යත්වෙ මේ රටේ පැතිරෙන්න පටන් ගත්තාට පස්සෙලු නේ. ලිoගිකත්වය මහ මැජික් එකක් කරපු මේ මල හත්තිලව්ව යුරෝපෙන් අපේ රටට ආව එකක් නෙ බලන් යනකොට. දැන් ඔය මයික් අල්ලගෙන උඩුබුරන වීරයොන්ගෙ භාශාවෙන් විජාතික බලවේග තමයි මේක කරලා තියෙන්නෙ. වික්ටෝරියානු සභ්‍යත්වෙ කරපින්නගෙන අපේ රටට ආපු සුද්දො එක ගෙයි කෑමති අශිෂ්ටයි කියලා තහනම් කරා. උන්ගෙ පොතේ කුරුටු ගාපු නැති කසාද වලට අනියම් විවාහ කියල කිව්වා. ඒ විදියට ඉපදෙන ලමයි අවජාතකයි කිව්වා. මේ ඔක්කොම සිoහලේට අලුත් වචන. අන්තිමේ සුද්දො යන්න ගියා. උන් දැන් මේ මල ඉලව් මතවාද ඔක්කොම අයින් කරලා ෆුල් නිදහසේ ජීවත් වෙනවා. රෝමියෝගෙ ආදරේ හොයගෙන තියෙනවා. ඒත් ලoකාවෙ මිනිස්සු අර විජාතික බලවේගෙට අහුවෙලා කලිසම් ඇඳගෙන ඒව ඔලුවෙන් ගලවන්න හදනවා. 

ආදරේ කියන්නෙ මොකක් ද කියලා හරියටම තේරුම් ගන්නෙ නැති එකෙන් මේ රට මොන වගේ තැනකට ගිහින් තියෙනවා ද කියලා පොඩ්ඩක් හිතන්නකෝ. ලිoගිකත්වය, එහෙමත් නැත්නම් රාගය කියන එක ආදරේට අයිති නෑ, ඒක මහ අමුතු මැජික් එකක් කියල හිතලා ඒ ගැන එළිපිට කතා කරන්නෙවත්, ලියන්නෙ කියන්නෙවත් නෑ. ඒක් පුලුවන් හැමවෙලාවෙම හoගනවා. කොල්ලෙකුයි කෙල්ලෙකුඉ අත් අල්ලගෙන යනවා දැක්කාම, තුරුල් වෙලා තොදොල් වෙවී ඉන්නවා දැක්කාම අනේ අනිච්චන් කියලා පුප්ප්නවා. ඇය් වදේ උන් එහෙම ඉඳලාවත්, ඒ වගේ සතුටක් විඳලාවත් නැද්ද?



තමන්ගෙ හැඟීම්, ආශාවන් පිට කරගන්න විදියක් නැතුව ඇතුලෙම හිර කරගෙන මහ පුදුම අසහනකාරයො බවට පත් වෙනවා. බස් එකකට නැග්ගොත් ජැක් ගහනවා. ගොඩක් ගෑනු අය දීගෙන ඉන්නවා. තවත් අය කරගන්න දෙයක් නැති කමට ඉවසනවා. බොහොම ටික දෙනයි විරුද්ධ කම් පාන්නෙ. තාත්තා දුවව අපයෝජනය කරනවා. අම්මා පුතාව, මාමා දුවව, සීයා මිනිබිරීව, පන්සලේ ලොකු හාමුදුරුවො, පොඩි හාමුදුරුවන්ව, අල්ලපු වත්තෙ දායිකාවව, ඊට පස්සෙ ගුරුවරියො ගුරුවරු ගෑනු පිරිමි භේදයක් නැතිව ළමයින්ව, විශ්ව විද්‍යාල ලෙචා ල ශිෂ්‍යාවන්ව, ශිෂ්‍යත්ව ටියුශන් කාරයො පොඩි ළමයින්ගෙ අම්මලාව, සමාජෙ උඩ ඉඳන් පල්ලෙහාට හැම එකෙක්ම එක එක විදියට තමන්ගෙ අසහනේ පිට කරගන්න තව කෙනෙක්ව පාවිච්චි කරනවා. ලoකාවෙ කෙල්ලොන්ව, ගෑනු අයව රවට්ටගෙන ගතපු වීඩියෝ කීයක් නම් ඉන්ටර්නෙට් එකේ තියෙනවද? අම්මලා, ඇන්ටිලා, ටීචර්ස් ලා එක්ක සීන් තියෙන වැල කතා කීයක් තියෙනව ද? මේ වගෙන් පේන්නෙ ලoකාවෙ මිනිස්සුන්ගෙ අසහනේ නෙවෙයි ද? පත්තරයක් ගත්තොත් පලවෙනි පිටුවෙ ඉඳලා අන්තිම පිටුව වෙනකන් ම දුෂණ, අපයෝජන ගැන තියෙනවා. රේඩියෝ එකක් දැම්මා ම් පැය දෙකක් විතර හාමුදුරු කෙනෙක් බණ කිව්වාට පස්සෙ චූටි ලමයෙක් අපයෝජනය කරපු සිද්ධියක් බණ වලට කියනවා. සෙක්ස් කියලා සර්ච් කරලා පලවෙනි තැනට ලoකාව එනවා. එතකොට ඒක මහ ලොකුවට ටිවී එකේ කියනවා. ඒක අහලා අනේ අනිච්චන් කියලා කම්මුලේ අත තියාගෙන පුදුම වුනා වගේ පෙන්නවා. "මේක තමයි ආශ්චර්ය" කියනවා. ඊට පස්සෙ ඉන්ටර්නෙට් ගිහින් වැල කතාවක් කියවලා පෝන් වීඩියෝ එකක් බලනවා. "ප්‍රේමය නම් රාගයේන් තොර....." කියල බ්ලොග් පෝස්ට් එකක් ලියනවා. ඊට පස්සෙ "කක පුසමින්" නිදාගන්නවා.

ඒත් කවුරුත් රාගය තියෙන්න ඕන ආදරේ ඇතුලෙ මිසක් පිට නෙවෙයි කියලා හිතන්නෙ නෑ..

Wednesday, December 25, 2013

"not from Paulo"

By the rivers of Babylon we sat and wept
when we remembered Zion,
There on the poplars
we hung our harps,
for there our captors asked us for songs,
our tormentors demanded songs of joy;
they said "Sing us one of the songs of Zion!"
How can we sing the songs of the LORD
while in a foreign land?
If I forget you Jerusalem,
may my right hand forget its skill.
May my tongue cling to the roof of my mouth
if I do not remember you,
if I do not consider Jerusalem my highest joy.
Remember, LORD, what the Edomites did
on the day Jerusalem fell
"Tear it down," they cried,
"tear it down to its foundations!"
Daughter Babylon, doomed to destruction,
Happy is the one who repays you
according to what you have done to us.
Happy is the one who seizes your infants
and dashes them against the rocks.

Psalm 137, Holy Bible

Wednesday, December 11, 2013

51

මේකට දාන්න නම් ගොඩාක් හිතට ආවා. "51 වන පියවර", "51 වන සැතපුම", "51 වන විරාමය"... අනේ මන්දා, අන්තිමේ නිකන් ම නිකන් "51" කියලා දැම්මා.



ම්ම් ලෝකෙ මිනිස්සු කරන්නෙ මහ පුදුම වැඩ නෙ. දැන් ගත්තාම, ගොඩාක් මිනිස්සු 50 වෙනි උපන්දිනේ, ස0වත්සරේ, මතක සැමරුම අරක මේක කියලා 50 වෙනි ඒවා සමරනවා නෙ. ඒත් වැඩේ කියන්නෙ 50න් වෙන්නෙ එක්තරා කාල සීමාවක් ඉවර වෙන එක නෙ. එතකොට අලුත් කාල සීමාව පටන් ගන්නෙ 51න් නෙ. හැම අවුරුද්දෙම අපි දෙසැම්බර් 31 වෙනිදා රෑ පාටි දාලා, බීලා, නටලා අලුත් අවුරුද්ද එනකොට වැටිච්ච වැටිච්ච තැන් වල ගොරව ගොරවා නිදි නෙ. හරි. දැන් ඇති පීලි පැන්නා. මේ මම "අස්වින්දයාගෙ ලෝකෙ" ට ලියන 51 වෙනි පෝස්ටුව. බලන් යනකොට ලිපි පනහක් ලියන්න මට අවුරුදු 4කට බොහොම කිට්ටු කාලයක් ගිහින් නෙ. :ඩී අන්න ඒ නිසා මේක ටිකක් විශේෂ දෙයක් විදියට ලියන්න ඕනකමක් ගොඩාක් දවස් ඉඳලා හිතේ තිබුණා. ඒත් ඒ විශේෂත්වෙ මොකක් වෙන්න ඕන ද කියලා හිතාගන්න බැරුව සෑහෙන කාලයක් ගත කරන්න මට සිද්ධ වුනා. මුලින් ම හිතුවා මo ගැන දෙයක් ලියලා ම නැති එකේ මම ගැන විස්තරයක් ලියන්න ඕන කියලා. ඒත් මo ගැන එහෙමට ලියන්න තරම් දෙයක් හොයාගන්න බැරි වුනා නෙ. ඊට පස්සෙ හිතුවා අනේ කිසිම විශේෂයක් ඕන නෑ කියලා. ඒත් ඒ අයිඩියා එකත් එච්චරම ෆිට් උනෙ නෑ. අන්තිමේ මo හිතුවා හැමදාම මාත් එක්ක හිටිය අයට ස්තුති කරන්න මේ පෝස්ට් එක පාවිච්චි කරන්න. කවුරු හරි කෙනෙක් මග හැරිලා නම් ඒක ගැන ඉස්සෙල්ලාම මම සමාව ඉල්ලනවා.



ඉස්සෙල්ලාම මම ස්තුති කරන්නෙ මගෙ පෙම්වතී, මෙලීසා ඩි ක්‍රෙට්සර්. (මොකෝ ගෙදර ඉන්නත් එපැ‍යි :ඩී :ඩී) ඇත්තටම මම හොඳටම දන්නවා ඔයාට මම ලියන ගොඩාක් දේවල් තේරෙන්නෙ නැති බව. ඒ වුනත් ඔයා ඒ හැමදෙයක් ම කියවනවා නෙ. මo කියවනකොට අහන් ඉන්නවා නෙ. ඔයා නැත්නම් මට කිසිම දෙයක් ලියන්න වෙන්නෙත් නෑ. වෙන විදියකට ඒක කියන්න නම් තේරෙන්නෙ නෑ. ඔයාට ගොඩාක් ස්තුති. :ඩී

ඊළඟට ඉතින් මගේ නoගිලා දෙන්නා. අස්විනී, නෙලුනි. මට කොච්චර පරාල ඇණ දෙකක් වුනත් මගේ හැමදේකදිම වගේ "අස්වින්දයාගෙ ලෝකෙ"ත් එක්ක හිටියාට වගේම, ඉන්නවාටත් ගොඩාක් ස්තුති. (එක්කො ඕන නෑ. ඔහෙලට මොකට ද ස්තුතියක් :පී :පී) ඊලඟට මගේ හොඳම යාලුවා, උපේක්ෂා. හැමදාම මo ලියන ඒවගෙ වැරදි පීර පීර හොයන එකටයි, මo ලියන දේවල් මගේ දිහා අනෙක් අය බලන විදියට බලපායි කියලා වද වෙන එකටයි තමයි ඔයාට ස්තුති කරන්නෙ. හහ් හහ් :ඩී 


අස්වින්දයාගෙ ලෝකෙට ලියන දේවල් ඉස්සෙල්ලාම කියව කෙනා, වත්මි, හොඳ නරක දෙකම ශේප් එකේ කියන එකටයි, ප්‍රූෆ් රීඩින්ග් කරන එකටයි, මගෙත් එක්ක හැම වෙලාවකදි ම හිටියාටයි හැම දේටම් ඔයාට ගොඩාක් ස්තුති. (ඔන්න දැන් බනින්න නම් එපා :පී)

විල්හාරි, ඇත්තටම ඔයාට ස්තුති කරන්නෙ මාව සහ මo ලියන බ්ලොග්ස් වලට ෆ්‍රී පබ්ලිසිටි දෙන එකට. :ඩී විශේෂෙන් ම කෙල්ලො අතරෙ. :පී ඔයාට නම් කෝක් එකක් ම අරන් දෙන්න වටිනවා.  

ඊලඟට අපේ කලුවා, මචන් ඔන්න මo ප්‍රසිද්දියේ එක දෙයක් පිලිගන්නවා. උඹ නිතරම කියනවා නෙ මo බ්ලොග් ලියන්නෙ කෙල්ලො දාගන්න කියලා. ඒක සම්පූර්නෙන් ම වැරදි ම නෑ. :පී ඒකත් එක හේතුවක් තමයි.

චතුරයා, මචන් අනිවා කවදා හරි උඹ ගැන් ෆුල් පොස්ට් එකක් ලියනවා මයි. උඹ තරම්, කෙනෙක් ගැන ලිව්වාම ඒක අගේ කරපු කෙනෙක් මට හම්බ වෙලා ම නෑ. :ඩී 


ශoකයා, වැම්පයර්ස්ලා ගැන පොස්ට් එකක් තියෙයි ද කියලා බලන්න හැම එකක් ම කියවන එකට තෑන්ක්ස් මචන්. :පී. බාරෙ, උඹ තමයි රොමෑන්ටික් කතා ලියන්න ගෝ එකක් අරන් දුන්නෙ. ස්තුති මචන්. අශ්වින්, උඹ තරම් ෆුල් සීරියස් දේවල් කතා කරන්න එකෙක් හම්බ වෙලා ම නෑ බන්. මo ලියන ඒවා ඇතුලෙ උඹේ අදහසුත් සෑහෙන දුරකට තියෙනවා මචo. මo ලින්ක් එකක් එවනවකන් බලo ඉන්න සසිත්, ශානක. ස්තුති මචo.

"අපි ඉන්නෙ අස්වින්දයාගෙ ලෝකෙ ඇතුලෙ - ගවීන්, ඔශේ" ඒ කියපු එක පට්ටෙට වැදුනා බන්. බොක්කෙන් ම ස්තුතිය. :ඩී සචිත්, උඹ කිව්වට පස්සෙ තමයි මo ෆොන්ට්ස් ලොකු කරේ. :ඩී නවීන්, උඹ ගොඩාක් වෙලාවට වචන වලින් උදව් කරලා තියෙනෝ බන්. අනිවා උඹේ මැගසින් එකට ම ලියoනෝ. භාතිය, ස්තුති මච0 අනිවා ජාතික වීරයා කතාව තාම අමතක නෑ. :ඩී චන්දීර, උඹට නම් ඉතින් ස්තූති කොරන්නෙ නෑ. :පෙ :ඩී මල්ක, කනිෂ්ක, නිපුන, මනීෂ, චව්වා, බුල් ඩෝග්, විශ්වන්ත,  බටයා, සුදු චූටි, හසල, උඹලා ඔක්කෝටම ස්තුති මචoලා.. 


ඇමැන්ඩා, :ඩී, ඔයා කැමතිම අර සමනලයාගෙ එකට නෙ. තැන්ක්යූ වේවා ලොකු නoගි. :පී සඳු, මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ කිය කියාත් කියනවා නෙ. හහ් හහ් පවන් අක්කි, අපි වෙලාවක සෙට් වෙලා තව කතා කරමුකෝ. එතකන් මේ ස්තුතිය. :ඩී සමනලී, සියුමි, නාඩියා, රෙහානා, කවුශි නoගි, (ලිව්වා හරි ද මන්දා :පී) හැමදාම මේන් ඇක්ට්‍රස් වෙන ස්ටෙෆනි, සැන්ඩෝරා, වැප්, චන්දුලී,
විදර්ශි හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුති මෙච්චර කල් මo ලියන දේවල් කියෙව්වාට සහ වචනෙකින් හරි උදව් කරාට.  


මම තවත් අයට කියවන්න මුලින්ම දෙයක් ලිව්වෙ "අස්වින්දයාගෙ ලෝකෙ"න් තමයි. මo ගොඩාක් දේවල් ඉගෙන ගත්තෙ, මිනිස්සු මාව අඳුරගන්න පටන් ගත්තෙ, මo කවුද කියලා, මo හිතන්නෙ පතන්නෙ, දේවල් කරන්නෙ කියන්නෙ කොහොමද කියලා මට අනිත් අයට කියන්න උදව් කරේ මේ බ්ලොග් එක. ජර්නල්ස් වලට ලියන්න, කෙටි චිත්‍රපටි තිර රචන ලියන්න, සී.වයි එකේ ස්පීචස් කරන්න ඒ හැම දේකටම මුල හදාගත්තෙ මේකට ලියලා තමයි. මේ තියෙන ලිපි පනහ ඇතුලෙ මo ගොඩාක් දේවල් කියන්න උත්සාහ කරලා ඇති. ජීවිතේ, ආදරේ, සමාජෙ, ඉතිහාසෙ එක එක විදියේ දේවල් ගැන. ඒ වගෙන් අස්වින්දයාගෙ ලෝකෙට එන ඔයාලගෙ ජීවිත වලට ඵලයක් තියෙන මොකක් ම හරි දෙයක් දෙන්න තමයි මම උත්සාහ කරන්නෙ. මෙච්චර කල් මාත් එක්ක හිටියාට සහ, ඉස්සරහටත් ඉන්න්වාට අයෙම සැරයක් හැමෝටම ස්තුතියි.. :ඩී :ඩී 



ප.ලි.- අඩේ දෙන්නෙක් අමතක වුනා නෙ, සෙනුරි, දෙවින්, උඹලා දෙන්නාටන් කරපු හැම උදව්වටම ගොඩාක් ස්තුති. :ඩී

Sunday, December 1, 2013

"විවෘත වීම"

අපේ ජීවිත වල කවුරුවත් නොදැකපු, කාටවත් නොකියපු ගොඩාක් දේවල් තියෙනවා. අපි එහෙම ඒ දේවල් අපිටම විතරක් තියාගෙන ඉන්නෙ අපි ම හදාගත්තු දාහක් නෙවෙයි, ලක්ෂයක් හේතු නිසා. අපි හැමෝම බය සදාචාරෙ වගේ දේවල් ඊනියා වික්ටොරියානු සභ්‍යත්වෙ එක්ක එකතු වෙලා මෙන්න මේ හේතු කිහිප ගුණේකින් දවසින් දවස වැඩි කරනවා. ඒතකොට දාහක් හේතු එකට එකතු වෙලා අපි කාටවත් අයිති නැති අමුතුම ලෝකෙකට අපිව අරන් යනවා. කාටවත් කියාගන්න බැරි දේවල් අපි ඇතුලෙම අපෙන් එළියට එන්න ට්‍රයි කර කර අපිට වද දෙද්දි අපි ලෝකෙට වෛර කරන්න ගන්නවා. අපිට හැමදෙයක් ම එපා වෙනවා. ඒත් ඒ කිසිම දෙයක් වුනේ නෑ වගේ අපි ලෝකෙට පෙන්නනවා.


ලෝකෙ මිනිස්සු වැඩියෙන් ම දුක් විඳින්නෙ ආදරේ නිසා ලු. ලෝකෙ පුරාම වැඩියෙන් ම සියදිවි නසාගන්නෙ, මත්ද්‍රව්‍ය ගන්න  ගන්න පෙළඹෙන්නෙ, සාමාන්‍ය මිනිස් චින්තනේට අනුව අසාර්ථක මිනිස්සු වෙන්නෙ ආදරෙන් පැරදිච්ච අය ලු. ඒත් අපි පොඩ්ඩක් එළියට පහළියට බැහැලා පාරෙ යන කාගෙන් හරි ඇහුවොත් ඔයා අදරෙන් පැරදිච්ච කෙනෙක් ද කියලා සීයට අනූවක් දෙනා කියන්නෙ "නෑ" කියලා තමයි. මොකෝ ඒක අපි කාටවත් කියන්න එච්චර කැමති නෑ. අපිට ඕන නෑ අපි ආදරේ කරන කෙනා ලබා ගන්න අපිට බැරි වුනා කියලා කියන්න. ඒක අපේ ආත්මාභිමානෙට ලොකු කැළලක් විදියටයි අපිට දැනෙන්නෙ. ඒ සිද්ධිය හිත ඇතුලෙ ලොකු පෙට්ටියකට දාලා වහලා ලොක් කරලා තියාගෙන කවුරුත් නැති වෙලාවකට එලියට අරගෙන දුක් වෙන්න හරි, ඒ ගැන මතක් කරලා ආපහු කවුරු හරි එන්න කලින් ටක් ගාලා ආපහු ඒක පෙට්ටියටම දාලා වහලා තියන්න තමයි අපි උත්සාහ කරන්නෙ. ඒත් ඒ ඇයි? ඒත් මෙතනදි අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා නෙ. තමන් ආදරේ කරන කෙනා ලබාගන්න බැරි වුන ලෝකෙ එකම කෙනාවත්, පලවෙනි හරි අන්තිම හරි කෙනා වත් ඔයාවත්, මම වත් නෙවෙයි නේ ද? ඉතින් ඇයි අපි මේක හoගගෙන ඉඳලා දුක් වෙන්නෙ? අපි අනිත් අයත් එක්ක විවෘතව මේ ගැන කතා කරනවා නම් ආදරය අහිමි වීම කියන්නෙ අපි හැමෝටම පොදු දෙයක් බව අඳුරගන්න පුලුවන් වෙනවා නේද? එහෙම නම් සියදිවිනසා ගැනීම්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම් නිසා විනාශ වෙන වටිනා ජීවිත යම් ප්‍රමාණෙකින් හරි බේර ගන්න පුලුවන් වෙනවා නේද අපිට? 


පාවුලෝ කොයියෝගෙ එක පොතක් තියෙනවා "ද සහීර්" කියලා. ඒ පොතේ තියෙනවා පැරීසියෙ තියෙන එක්තරා ආර්මේනියානු අවන්හලක් ගැන. ඒ අවන්හලේ සතියකට එක පාරක් මහ අමුතු විදියෙ රැස්වීමක් තියෙනවා. ඒකෙදි වෙන්නෙ එක එක විදියෙ මිනිස්සු එකට එකතු වෙලා තමන්ගෙ ප්‍රශ්න ගැන විවෘතව කතා කරන එක. තමන්ගෙ බිරිඳගෙ සහෝදරී ගැන ආශාවක් ඇති වෙලා ඒක ගැන හිතෙන් දුක් විඳින කෙනෙක් එතනදි තමන් ජීවිතේට දන්නෙ නැති මිනිස්සුත් එක්ක ඒක ගැන කියනවා. එතකොට ලිoගික බෙලහීනතාවෙන් ජීවිතේම එපා වෙච්චි කෙනෙක් එතනට ඇවිත් හැමෝම ඉස්සරහ තමන්ගෙ ආදරවන්තිය ඉස්සරහ තමන් අසරණ වුන හැටි කියනවා. එහෙම කියන එකෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ මොකක් ද කියලා දැන් කල්පනා වෙනවා ඇති. එහෙම කතා කරන එකෙන් ලිoගික බෙලහීනතාව කියන්නෙ ජීවිතේ එපා වෙන්න හේතුවක් නෙවෙයි කියලා අර මනුස්සයා ඉගෙන ගන්නවා. තමන් නාඳුනන මිනිස්සු අතරෙත් ලිoගික බෙලහීනතාව නිසාම දුක් විඳපු තව අය ඉන්න බව දැනගන්න ලැබීමත්, ඒකෙන් මිදෙන්න හේතු හොයාගන්න උදව් ලැබීමත් නිසා අලුත් ජීවිතයක් එයාට ලැබෙනවා.

තමන්ගෙ ආර්ථික අපහසුතා, තමන්ගෙ සහකාරයා/සහකාරි එක්ක ගෙවන ජීවිතේ ඇති වෙන අසහනකාරී සිද්ධි, ආදරය නොලැබීම, නොයෙක් ලෙඩ රෝග, අපිට තියෙන නොයෙක් හීන, බලාපොරොත්තු.. මේ හැම දෙයක් ගැනම අපි එළිපිට කතා කරනවා නම් මේ ලෝකෙ මිනිස්සුන්ට මීට වඩා සතුටෙන් ජීවත් වෙන්නත්, එකිනෙකාව මීට වඩා හොඳින් තේරුම් ගන්නත් පුලුවන් වෙනවා නේ ද? 


මගේ අම්මයි තාත්තයි වෙන්වුනේ මට අවුරුදු අටේදි. අම්මයි තාත්තයි අතරෙ මායි, න0ගියි බෙදා ගත්තා. ඒ නිසා තාත්තයි න0ගියි දෙන්නා ම එක ම වෙලාවෙ මගෙන් ඈත් වුනා. ඊට පස්සෙ මගේ පලවෙනි පෙම්වතී පිළිකාවක් හැදිලා මිය ගියා. මගේ දෙවෙනි පෙම්වතී මාව අත ඇරලා ගියා. ඊට පස්සෙ මම යම් මත් ද්‍රව්‍යකට ඇබ්බැහි වුනා. දැන් ඔයාලට කියපු දේවල් ඉගෙන ගන්න මට ගොඩක් කල් ගියා වගේ ම ගොඩාක් දේවල් නැති කරගන්නත් වුනා. ඒත් ඒ දේවල් සිද්ධ වුන එකම කෙනාවත්, අන්තිම කෙනාවත් මම නෙවෙයි කියලා දැන මම දන්නවා. ඒ දේවල් ගැන තව දුරටත් ලැජ්ජා වෙන්නෙ නෑ. 

ෆ්‍රෙඩී මර්කරි, ක්වීන් සoගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා. සමලිoගිකයෙක් වෙච්චි එයාට එයාගෙ සහකාරයා නිසා ඒඩ්ස් රෝගෙ හැදුනා. ඒත් ඔහු ලොකෙ ඉස්සරහට ඇවිත් ඇත්ත සිද්දිය කිව්වා. ඒ වගේම ඒඩ්ස් රෝග මර්දන වැඩසටහන් ගණනාවකටත් සම්බන්ධ වුනා. ලෝකෙ පුරාම තරුණ තරුණියන් ගණනාවකගෙ ම වීරයා වෙච්ච ෆ්‍රෙඩී මර්කරි ජීවිත මිලියන ගාණකට ඒඩ්ස් රෝගෙ භයානක කම කියලා දුන්නා. ඊට බොහොම කෙටි කාලෙකට පස්සෙ එයා මියගියත් එයා තවත් ජීවිත දහස් ගාණක් බේරගත්තා. ෆ්‍රෙඩී තමන් ඒඩ්ස් රෝගියෙක් බව හැ0ගුවා නම්? 

අනෝජා, ලoකාවෙ බොහොම ජනප්‍රිය සම්මානනීය නිළියක්. දෙපාරක් විවාහ වෙච්චි ඈට හත් පාරක් සියදිවි නසාගන්න හිතුනා. හැම පාරකම ඒ තීරණේ නොගත්ත ඇය අද සියදිවි නසා ගැනීම වළක්වාගන්න කටයුතු කරන සoවිධානෙක ක්‍රියාකාරිනියක්. ඇය තමන්ගෙ ජීවිත කතාව ලෝකෙ ඉදිරියෙ කියන්නෙ තවත් ජීවිත ගණනාවක් බේරගන්න. 


ඔයාගෙ ජීවිතෙත් කාටවත් නොකියපු, කවුරුවත් දන්නෙ නැති දේවල් ගොඩාක් තියෙනවා නේද? පොඩ්ඩක් හිතන්න ඒ දේවල් එහෙම ම තියාගන්න ඕනම ද කියලා.. 


"Der schwarze Schmetterling"වෙතින් උපුටා ගැනීමකි.

Categories