Sunday, December 29, 2013

ලව් සහ ඉලව්


මට මේ ළඟදි එක්තරා බ්ලොග් පෝස්ටුවක් කියවන්න ලැබුණා. ඒකෙ ටයිට්ල් එක තිබ්බෙ "ආදරය" කියලා. ඒ බ්ලොග් එක ලියන සහෝදරී ගැනවත්, එයා කලින් ලියල තිබුණ යම් යම් ලිපි ගැනවත් යම් කිසි පූර්ව අවබෝධයක් මට නොතිබ්බ නිසා ඒ ලිපිය කියවන්න කලින් ඒ ලිපියෙ මොන මොන වගේ දේවල් තියෙන්න පුලුවන් ද කියන එක ගැන මට අබ මල් රේණුවකවත් පෙර අදහසක් තිබ්බෙ නෑ. ඉතින් කොහොම හරි ඒ ලිපිය දිගේ පහළට යද්දි මට ගොඩක් දේවල් තේරුම් ගියා. ඒක ලියපු කෙනා ගැන සහ එයා "ආදරය" ගැන දරන මතවාදය ගැන. කොටින්ම කියනවා නම් "ආදරේ" කියන්නෙ මොකක් ද කියලා එයා හිතන විදිය තමයි ඒ ලිපිය ඇතුලෙ තිබ්බෙ. ඒ ලිපිය යටින් යම්කිසි කමෙන්ට්ස් ගානකට පස්සෙ මෙන්න මෙහෙම කමෙන්ට් එකක් තිබ්බා. ඒක ලියලා තිබ්බෙත් ඒ ලිපිය ලියපු කෙනාමයි.


ප්‍රේමය නම් රාගයෙන් තොර,
සඳ එළිය සේ අචින්ත්‍යයි.
පිරිසිඳුයි, සුරම්‍යයි.

මේ නන්දා මාලිනීගෙ සින්දුවක කොටසක් නෙ. ඉතින් මo එතනින් කල්පනා කරන්න ගත්තා. යකඩෝ මල කෙලියයි නෙ. ඒ කියන්නෙ මo ජීවිත කාලෙටම කිසිම කෙල්ලෙකුට ආදරේ කරලා නෑ නෙ. එතකොට මට හිටපු සහ ඉන්න ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා  එකෙකුටවත් මo ආදරේ කරලා නෑ නෙ. මල හත්තිලව්වයි. "රාගයෙන් තොර සඳ එළිය සේ සෞම්‍යයි" කියන කොට වැරදිලාවත් කෙල්ලෙක්ගෙ අතින් අල්ලාගෙන බීච් එකක හවසකට ඇවිදින්න යන්න බෑ නෙ. එක ම එක කිස් එකක් වත් දෙන්නත් බෑ නෙ. කෙල්ලෙක්ගෙ ඇස් දිහා බලාගෙන හීන මවන්නත් බෑ නෙ. මොකෝ ඔය හැම එකක් ම කරන්න ගියාම ඇඩ්‍රනලීන් ද මොකක් ද කියන හොර්මෝනෙ එන්න පටන් ගන්නවා නෙ. හදවත ටිකක් වැඩි ශීඝ්‍රතාවෙකින් ලේ පොම්ප කරන්න ගන්නවා නෙ. මේ කියන විදියට "ඇත්ත ආදරේ" ඇතුලෙ ඔය මොකක් වත් තියෙන්න විදියක් නෑ නෙ. මාර සීන් එක. එතකොට මo නිකන් ම නිකන් සල්ලාලයෙක් නෙ.

ලෝකෙට එදා මෙදා තුර පහළ වෙච්චි ශ්‍රේෂ්ඨම විප්ලවවාදියා, එහෙම නැත්නම් "රැඩිකල් බ්‍රෑන්ඩ්" එක "චේ" වෙද්දි, හොඳම එහෙම නැත්නම් වැඩියෙන් ම කතා බහට ලක් වෙච්චි, ප්‍රේමවන්තයා "රෝමියෝ" නෙ. ඒ කියන්න "රෝමියෝ" අනිවාර්යෙන් ම "ඇත්ත ආදරේ" කියන්නෙ මොකක් ද කියලා දැනගෙන ඉන්න ඇතිනෙ. ඒත් වැඩේ කියන්නෙ රෝමියෝ ජුලියට් දෙන්නා, අතින් වත් අල්ලන්නෙ නැතුව, එක කිස් එකක් වත් සුදු පිරුවට වලින් ඒ දෙන්නාව ඔතාගෙන හිටි බවක් අපි අහලා නෑ නේද? ඔයා අහලා තියෙනව ද? අනේ මම නම් නෑ. එතකොට රෝමියෝගෙ ආදරෙයි, අර අපේ බ්ලොග් එක ලියපු සහෝදරී දකින ආදරෙයි අතරෙ මහ විශාල පරතරයක් තියෙනවා නෙ. ඇත්තටම මේක කොහොම ද ආවෙ?



ලoකාවෙ මිනිස්සු ඕනම වෙලාවක ඕන ම තැනකදි කියන්නෙ, අපිට අවුරුදු දෙදාස් පන්සීයක ඉතිහාසයක් තියෙනවා. අපිට තරම් සoස්කෘතියක් සභ්‍යත්වයක් මොන අම්මගෙ පුතාට වත් නෑ කියලා නෙ. මෙන්න මේ සoස්කෘතියයි සදාචාරෙයි එක්කහු වෙලා තමයි අර රෝමියෝගෙ ආදරෙයි, අර බ්ලොග් පෝස්ට් එක ලියපු සහෝදරීගෙ ආදරෙයි අතරෙ මහ විශාල පරතරයක් හදලා තියෙන්නෙ. ඒත් ඇත්තටම ලoකාවෙ අවුරුදු දෙදාස් පන්සීයක් නෙවෙයි, අවුරුදු දෙසීයක් ආපස්සට ගියොත්, ඒ කියන්නෙ සුද්දො මේ රටේ අහවල් වැඩේ කොරන්න කලින් අපේ මිනිස්සුන්ගෙ ආදරෙයි, රෝමියෝගෙ ආදරෙයි මහ පුදුම විදියට සමපාත වෙනවා.

ඇයි දෙය්යනේ "ඉසුරුමුණි පෙම්යුවල" අපේ මිනිස්සු ආදරේ කරපු හැටි අපිට කියන්නෙ නැද්ද? ඉසුරුමුණි පෙම්යුවල නිර්මාණය කරපු ශිල්පියා කාන්තා ශරීරෙක තියෙන සුකොමල බව, ලාලිත්‍ය අර තරම් ලස්සනට නිරූපණය වෙන විදියට වැඩේ කරලා තියෙන්න සිල් අරගෙන ද? එතකොට මේ කියන විදියට සීගිරි ළඳුන්ට හැට්ට අන්දවන්න වෙනවා නෙ. ඉස්සර රජ මාලිගාවෙ එක පැත්තක දළදා මාලිගාව. අනෙක් පැත්තෙ අන්තඃපුරය. මොකෝ හාමුදුරුවරු ගිහින් රජ්ජුරුවන්ට කිව්වයි "අනේ දේවයන් වහන්ස, අන්තඃපුරේ වහලා දාලා යකඩ දෝලි ටික ආපහු ගම් බිම් වලට යවනු මැනව" කියලා? ඉස්සර ලoකාව ඇතුලෙ ලිoගික නිදහස තිබ්බා කියන එකට ඕන තරම් සාක්ෂි තියෙනවා නෙ. මේඝදූතය ලියපු මහා කවි කාලිදාස ලoකාවට ඇවිත් මියගියේ ගණිකා නිවාසෙක සිද්ද වෙච්ච හුටපටය්ක් නිසයි කියනවා නෙ. ඒ පෝස්ට් එක ලියපු සහෝදරී අඩුම ගානෙ කව්සිලුමිණ වත් කියවලා තිබ්බා නම් බෝසත් කුස රජතුමාගෙනුයි, පබාවතීගෙනුයි ආදරේ මොකක් ද කියලා ඉගෙන ගන්නවා නෙ. 



මේ හැම දෙයක් ම වෙනස් වෙන්න පටන් ගත්තෙ වික්ටෝරියා සභ්‍යත්වෙ මේ රටේ පැතිරෙන්න පටන් ගත්තාට පස්සෙලු නේ. ලිoගිකත්වය මහ මැජික් එකක් කරපු මේ මල හත්තිලව්ව යුරෝපෙන් අපේ රටට ආව එකක් නෙ බලන් යනකොට. දැන් ඔය මයික් අල්ලගෙන උඩුබුරන වීරයොන්ගෙ භාශාවෙන් විජාතික බලවේග තමයි මේක කරලා තියෙන්නෙ. වික්ටෝරියානු සභ්‍යත්වෙ කරපින්නගෙන අපේ රටට ආපු සුද්දො එක ගෙයි කෑමති අශිෂ්ටයි කියලා තහනම් කරා. උන්ගෙ පොතේ කුරුටු ගාපු නැති කසාද වලට අනියම් විවාහ කියල කිව්වා. ඒ විදියට ඉපදෙන ලමයි අවජාතකයි කිව්වා. මේ ඔක්කොම සිoහලේට අලුත් වචන. අන්තිමේ සුද්දො යන්න ගියා. උන් දැන් මේ මල ඉලව් මතවාද ඔක්කොම අයින් කරලා ෆුල් නිදහසේ ජීවත් වෙනවා. රෝමියෝගෙ ආදරේ හොයගෙන තියෙනවා. ඒත් ලoකාවෙ මිනිස්සු අර විජාතික බලවේගෙට අහුවෙලා කලිසම් ඇඳගෙන ඒව ඔලුවෙන් ගලවන්න හදනවා. 

ආදරේ කියන්නෙ මොකක් ද කියලා හරියටම තේරුම් ගන්නෙ නැති එකෙන් මේ රට මොන වගේ තැනකට ගිහින් තියෙනවා ද කියලා පොඩ්ඩක් හිතන්නකෝ. ලිoගිකත්වය, එහෙමත් නැත්නම් රාගය කියන එක ආදරේට අයිති නෑ, ඒක මහ අමුතු මැජික් එකක් කියල හිතලා ඒ ගැන එළිපිට කතා කරන්නෙවත්, ලියන්නෙ කියන්නෙවත් නෑ. ඒක් පුලුවන් හැමවෙලාවෙම හoගනවා. කොල්ලෙකුයි කෙල්ලෙකුඉ අත් අල්ලගෙන යනවා දැක්කාම, තුරුල් වෙලා තොදොල් වෙවී ඉන්නවා දැක්කාම අනේ අනිච්චන් කියලා පුප්ප්නවා. ඇය් වදේ උන් එහෙම ඉඳලාවත්, ඒ වගේ සතුටක් විඳලාවත් නැද්ද?



තමන්ගෙ හැඟීම්, ආශාවන් පිට කරගන්න විදියක් නැතුව ඇතුලෙම හිර කරගෙන මහ පුදුම අසහනකාරයො බවට පත් වෙනවා. බස් එකකට නැග්ගොත් ජැක් ගහනවා. ගොඩක් ගෑනු අය දීගෙන ඉන්නවා. තවත් අය කරගන්න දෙයක් නැති කමට ඉවසනවා. බොහොම ටික දෙනයි විරුද්ධ කම් පාන්නෙ. තාත්තා දුවව අපයෝජනය කරනවා. අම්මා පුතාව, මාමා දුවව, සීයා මිනිබිරීව, පන්සලේ ලොකු හාමුදුරුවො, පොඩි හාමුදුරුවන්ව, අල්ලපු වත්තෙ දායිකාවව, ඊට පස්සෙ ගුරුවරියො ගුරුවරු ගෑනු පිරිමි භේදයක් නැතිව ළමයින්ව, විශ්ව විද්‍යාල ලෙචා ල ශිෂ්‍යාවන්ව, ශිෂ්‍යත්ව ටියුශන් කාරයො පොඩි ළමයින්ගෙ අම්මලාව, සමාජෙ උඩ ඉඳන් පල්ලෙහාට හැම එකෙක්ම එක එක විදියට තමන්ගෙ අසහනේ පිට කරගන්න තව කෙනෙක්ව පාවිච්චි කරනවා. ලoකාවෙ කෙල්ලොන්ව, ගෑනු අයව රවට්ටගෙන ගතපු වීඩියෝ කීයක් නම් ඉන්ටර්නෙට් එකේ තියෙනවද? අම්මලා, ඇන්ටිලා, ටීචර්ස් ලා එක්ක සීන් තියෙන වැල කතා කීයක් තියෙනව ද? මේ වගෙන් පේන්නෙ ලoකාවෙ මිනිස්සුන්ගෙ අසහනේ නෙවෙයි ද? පත්තරයක් ගත්තොත් පලවෙනි පිටුවෙ ඉඳලා අන්තිම පිටුව වෙනකන් ම දුෂණ, අපයෝජන ගැන තියෙනවා. රේඩියෝ එකක් දැම්මා ම් පැය දෙකක් විතර හාමුදුරු කෙනෙක් බණ කිව්වාට පස්සෙ චූටි ලමයෙක් අපයෝජනය කරපු සිද්ධියක් බණ වලට කියනවා. සෙක්ස් කියලා සර්ච් කරලා පලවෙනි තැනට ලoකාව එනවා. එතකොට ඒක මහ ලොකුවට ටිවී එකේ කියනවා. ඒක අහලා අනේ අනිච්චන් කියලා කම්මුලේ අත තියාගෙන පුදුම වුනා වගේ පෙන්නවා. "මේක තමයි ආශ්චර්ය" කියනවා. ඊට පස්සෙ ඉන්ටර්නෙට් ගිහින් වැල කතාවක් කියවලා පෝන් වීඩියෝ එකක් බලනවා. "ප්‍රේමය නම් රාගයේන් තොර....." කියල බ්ලොග් පෝස්ට් එකක් ලියනවා. ඊට පස්සෙ "කක පුසමින්" නිදාගන්නවා.

ඒත් කවුරුත් රාගය තියෙන්න ඕන ආදරේ ඇතුලෙ මිසක් පිට නෙවෙයි කියලා හිතන්නෙ නෑ..

0 comments :

Categories