Sunday, September 29, 2013

"වීර" වoශය



මේ ලෝකෙ වීරයොන්ගෙන් පිරිලා. හැම පුද්ගලයෙක් ම වීරයෙක්. "වීරයෙක් වීම" කියන්නෙ සාපේක්ෂ දෙයක් කියලා කෙනෙක් කියනවා නම් ඒක හරියටම හරි. මොකෝ එක කෙනෙක්ගෙ වීරයා තව කෙනෙක්ට නිකන් ම නිකන් පෙන්දෙක් වෙන්නත් පුලුවන්.  

අහලා තියෙනව ද "රැග්නාර් ලොඩ්බ්‍රෝක්" කියන නම? රැග්නාර් කියන්නෙ වයිකිo ගෝත්‍රික රජෙක්. වයිකිo වරුන්ගෙ නිජභූමිය ස්කැන්ඩිනේවියාව නෙ. මෙන්න මේ උතුරු ජර්මානුවො යකාටවත් බය නැති හයේ හතරෙ පොරවල්. ඒ වගේම බොහොම දක්ෂ යාත්‍රිකයො. රණ ශූරයො. මoකොල්ලකාරයො. වයිකිoවරුන්ගෙ ප්‍රධානම ජීවනෝපාය තමයි මoකොල්ලකෑම. ඒ කියන්නෙ ඕ




නම කුණාටුවකට ඔරොත්තු දෙන විදියෙ නැව් හදාගෙන, රණශූරයො පුරවගෙන ඈත රටවල් වලට ගිහින් ඒ රටවල් මoකොල්ල කාලා, ගෑනු දූෂණේ කරලා, සබ්බ සකලෙම අරන් එන එක. රැග්නාර් ලොඩ්බ්‍රෝක් ජීවත් උනු කාලෙ වයිකිo ගෝත්‍රිකයො හිතන් උන්නෙ ස්කැන්ඩිනේවියාවෙන් බටහිර පැත්තට වෙන්න, කිසිම රටක් නෑ කියලයි. මේ වෙනකොටැ හැම අවුරුද්දකම ඒ අය මoකොල්ලකෑවෙ වර්තමාන රුසියාවට අයිති ප්‍රදේශ. කොහොමින් කොහොම හරි රැග්නාර් තමයි නැවක නැගලා උතුරු මුහුද තරණය කරලා එoගලන්තෙට පය ගහපු පලවෙනි වයිකිoවරයා. ඉතින් සමකාලීන වයිකිo ලෝකෙ හිටපු ලොකෙම වීරයා තමයි මෙන්න මේ රැග්නාර්. සීතලට ගිනිමැල වටේට වෙලා උනුසුම් වෙන්න උත්සාහ කරන ගමන් ශතවර්ෂ ගණනාවක් යනකන් උතුරු ජර්මානු ගෝත්‍රික අත්තම්මලා, සීයලා ඇස් ලොකු කරන්, කම්මුලේ අත් තියන්, අහන් හිටිපු චූටි ළමයින්ට කිව්වෙ මෙයා ගැන වීර ක්‍රියා ම තමයි. ඒ වගේම රැග්නාර් එoගලන්තෙ, නොදර්ම්බ්‍රියාවට ගොඩබැහැලැ කරපු ම්ලේච්ඡකම් ගැනත් ගොඩාක් කතන්දර එoගලන්තෙ ආත්තම්මලත් මුනුබුරු මිනිබිරියොන්ට කියන්න ඇති. :ඩී

හැනිබාල් බාකාර්, හැමිල්කාර් බාකර්ගෙ පුතා. ලෝකෙ එතෙක් මෙතෙක් බිහිච්ච ශ්‍රේෂ්ඨම මිලිටරි ජෙනරාල්වරු කීප දෙනාගෙන් කෙනෙක්. හැනිබාල් ඉපදෙනකොට, මහ බල පරාක්‍රමයක් පතුරවාගෙන මුලු මධ්‍යධරණීය මුහුද ම පාලනය කරගෙන අධිරාජ්‍යයක් ගොඩනගාගෙන හිටපු කාර්තේජය පලවෙනි පියුනික් යුද්ධෙන් ඒ වෙනකොට මතු වේගෙන ආපු අනිත් මිලිටරි බලව වෙච්චි රෝමෙට පැරදිලා. ඈට අයිති වෙල තිබ්බ සිසිලයයි, සාර්ඩිනියාවයිත් අහිමි වෙලා. හැනිබාල්ගෙ ජීවිතේ තිබ්බ එක ම එක අරමුණ තමයි කාර්තේජෙට ආපහු කලින් තිබිච්චි තැන අරන් දෙන එක. ඔන්න ඉතින් හැනිබාල් මහ බලසම්පන්න හමුදාවක් ගොඩනගාගෙන රෝමෙට පහර දුන්නා. මේක එසේ මෙසේ හමුදාවක් නෙවෙයි. භාෂා සිය ගණනක් කතා කරන, එක එක පාට හිස කෙස් තියෙන, කලු, දුඹුරු, සුදු මිනිස්සුන්ගෙන් හැදිච්චි එකක්. ඒ විතරක් ය, නුමිඩියානු අශ්වාරෝහකයො, ලිබියානු හෙල්ල දරන්නො අතරෙ අලි තිස් හත්දෙනෙකුත් ඉඳලා නෙ. ඒ අලි ලoකාවෙන් අරන් ගියපු අයෙය් කියලත් මතයක් තියෙනවා නෙ. කොහොමින් කොහොම හරි හැනිබාල් මේ මහා සේනාවත් අරගෙන පා ගමනින් ම යනවා නෙ ඉතාලියට. අයිබීරියාව, ගෝල් දේශෙ, සිසල්පයින් ගෝල්දෙශෙ පහු කරන් බූට් සපත්තුවක් වගේ ඉතාලිය පහලට ඇවිත් රෝමෙ පේන තෙක් මානෙට එනකන් මොන ජගතෙකුටවත් බැරි උනා නෙ හැනිබාල්ව නවත්තන්න. ලෝකෙ එතෙක් මෙතෙක් සිද්ධවෙච්චි දරුණුම සටන වගේම, ලොකු ම ජයග්‍රහණය, ලොකු පරාජය ඔක්කොම වුන, කැනායි සටනෙදි, හැනිබාල්ගෙ හමුදාව, මහ බලසම්පන්න රෝමන් සෙබලු අසූ දාහක් එක දවසකදි මරලා දැම්මා නෙ. ඔය හැම කාරණාවක් ම බලනකොට ලෝකෙන් බාගයක් කොල්ල කාලා, ලෝකෙන් බාගෙක මිනිස්සුන්ව වහල්ලු කරගෙන, ග්ලැඩියේටර්ලා ඇනකොටාගෙන මරාගන්නකොට හූ කිය කිය විනෝද වුණ කාලකණ්ණි රෝමන් කාරයින්ට පාඩමක් උගන්නපු හැනිබාල් එසේ මෙසේ වීරයෙක් නෙවෙයි නෙද? :ඩී 

පැරීසියෙ ලූවර් කෞතුකාගාරෙ තියෙනවා එක්දාස් හත්සිය ගණන් වල කවුදෝ මූර්ති ශිල්පියෙක් හදපු හැනිබාල්ගෙ මූර්තියක්. ලෝකෙ හැම තැනින්ම මිනිස්සු ඇවිත් ඒක ඉස්සරහ ඉඳගෙන ෆොටෝ ගහනවා. කලු පාට, සුදු පාට, රතු පාට, දුඹුරු පාට මිනිස්සු. සමහරු හැනිබාල් ගැන කියවලා කරලා විස්තර දන්නවා ඇති. ඒත් සමහරු මොකුත් ම දන්නෙ නැතුව ඇති. ඒ හැමකෙනෙක්ට ම හැනිබාල් වීරයෙක්. ඒත් අපි පොඩ්ඩක් ආපස්සට ගියොත්, අවුරුදු එක්දාස් පන්සීයක් විතර.. හැනිබාල් ඉස්සරහ ෆොටෝ ගත්ත මිනිස්සුන්ගෙන් සමහර අයගෙ මී මුත්තලා හැනිබාල් අතින් මැරිලා. සමහරු එයගෙ හමුදාවෙ සටන් කරනවා. තවත් අය මහ පුදුමෙන්, තව අය පිලිකුලෙන් හැනිබාල් ගැන කතා කරනවා. ඒ හැම කෙනෙක්ටම හැනිබාල් වීරයෙක් ද? 

ස්පාටකස්, කොලොම්බස්, පිසාරෝ, හිට්ලර්, චේගවේරා, කස්ත්‍රෝ, ලෙනින්, බොබ් මාලේ, ඔසාමා, අහමද් නෙජාද්, ප්‍රභාකරන්, ඒ විතරක්ය, රනිල්, මහින්ද.. මේ හැම කෙනෙක් ම එක්කෙනෙකුට වීරයෙක්, තව කෙනෙකුට දුෂ්ඨයෙක්.. :



හැම පිරිමියෙකුටම ඕන තමන්ගෙ ගෑනු සතාගෙ වීරයා වෙන්න. මේ ගෑනු සතා කියන වචනෙට, ක්‍රෂ් එක, පෙම්වතී, බිරිඳ, හොර අඹුව වගේ ඕන නාම පදයක් දාගන්න පුලුවන්. ඒත් හැම ගෑනු කෙනෙක්ටම තමන්ගෙ පිරිමියා ඇත්තටම වීරයෙක් ම ද කියලා පොඩ්ඩක් හිතන්නකෝ. එක කොටසකට නම් ඇත්තටම වීරයා තමයි. තව සමහරු නිකන් මූනිච්චාවට ඒ බව අඟවනවා. තවත් සමහරු ඒ මොකක් වත් ම කරන්නෙ නෑ.

උත්පලාගෙ වීරයා ශාරුක්. එයා නිදාගන්නෙත් ශාරුක්ගෙ පින්තූරයක් කොට්ටෙ යට තියන්. එතකොට කේසලාගෙ වීරයා අර බෙයිබෙ බෙයිබෙ කියන සුද්දා. බීබර්. චතුරට ඕන සoගා වගේ ක්‍රිකටර් කෙනෙක් වෙන්න. තව කෙනෙක්ගෙ ලෝකෙ වීරයා එයාගෙ තාත්තා. මෙන්න මේ වගේ අපි හැම කෙනෙක්ටම අපිටම ආවේණික වෙච්චි වීරයෙක් ඉන්නව නෙ නේද? :ඩී


අපි හැමෝම යම් කෙනෙක්ට වීරයෙක්. තව කවුරු හරි අපට වීරයෙක්. කාගෙ හරි වීරයෙක් වෙන්න අපි ගොඩක් කැමතියි. සමහර වෙලාවට අපි නැති වීරකම් ඇඟට ගන්නවා. තවත් වෙලාවකට වීරකම් කරලත් ඒවා නොපෙන්න ඉන්නවා. පොඩ්ඩක් හිතන්න.. මේ ලෝකෙ තියෙන්නෙ මහ විකාරරූපූ සුන්දරත්වයක් නේද? :ඩී

කමල්, සුනිල්ගේ වීරයා ය. සුනිල් නිමල් ගේ වීරයා ය. එහෙත් නිමල් කමල් ගේ වීරයා නොවේ. අමල්, සුනිල් හා කමල් යන දෙදෙනාගේ ම වීරයා ය. අමල් ගේ වීරයා කවුද? 

Friday, September 27, 2013

මොකක් ද?


වස්සානෙට කලින්,
එක හැන්දෑවක
අහස කලුවෙන්න කලින්,
එක වලාකුළක
ෆිල්ම් එක ඉවර වෙන්න කලින්,
එක සීන් එකක
මo දැක්කා..

සිගරට් එක නිවෙන්න කලින්,
එක දුම් උගුරක
දේශපාලනේ එන්න කලින්,
එක ග්‍රහලෝකෙක
මට ඇහැරෙන්න කලින්,
මගෙ හීන වැලක
මට දැනුනා..

ඈ ඇස් අරින්න කලින්,
ඇස් පිහාටුවක
ඈ සළුව ඇඳගන්න කලින්,
ෆ්‍රෙන්ච් කිස් එකක,
ඔර්ගසම් එකට කලින්,
එක ආදරේක
මo වින්දා..

මොකක් ද.....??

Monday, September 9, 2013

"මල් ලස්සනයි, සුවඳයි."



අමර දැන් ඔයා කොහෙද ඉන්නේ?
මම නුඹේ ආදර සාමා
වැලි කෙළියේ සාමා
මම නුඹේ සාමා.. 

සිහින ලොවක් හදලා 
මුර සෙබලුන් ළඟ තියලා
මා රැජිණිය කරලා
යන්න ගියා නුඹ නොකියා
මම නුඹේ සාමා..

සල් ගහ වැස්සට තෙමිලා
කොළ සේරම බිම වැටිලා
හෝඩි පොතේ පුතුගේ
ඇහිඳිමි මල් තනි වෙලා
මම නුඹේ සාමා.. 

සාමා, අමර. මේ දෙන්නාව ඔයාට මතකයි ද? අමතක වෙන්නෙ කොහොමද නේ ද? :) අපි ඉස් ඉස්සෙල්ලාම අලුත් ම අලුත් සුදු ම සුදු ඇඳුමක් ඇඳගෙන අම්මගෙ තාත්තගෙ අතේ එල්ලිලා ජීවිත ගමනෙ පෙරලන මුල් ම පිටුවෙ ඉන්න මේ දෙන්නාව කොහොම අමතක කරන්න ද නේද..

                         "අමර එන්න සල් ගහ යටට"


     කපු රෙද්දකින් මහපු කොට කලිසමකුයි, කමිසෙකුයි ඇඳලා, කොණ්ඩෙ පැත්තට බෙදපු අමරයි, හිනා වෙනකොට කම්මුල් ලස්සනට වළ ගැහෙන රවුම් මූණක් තියෙන සාමා වයි දැකලා ඒ දෙන්නගෙ රූප දිහා බලාගෙන අපි මොනව හිතන්න ඇත්ද..? :) මේ ඉන්නෙ නම් මම මයි කියලා මේක කියවන සාමාලා, අමරලා කී දෙනෙක්ට දැනෙන්න ඇත් ද? අපි හැමෝම අපේ ගමන පටන් ගත්තෙ ඒ දෙන්නාගෙන්. අපිට වචන කියවන්න උගන්නපු සාමායි, අමරයි අපිට කියල දීපු ඒ පාඩම නේ ද අපිව මේ තරම් දුර අරන් ආවෙ? ඒ දෙන්නා එතන නොහිටියා නම්, සාමා අමරට සල් ගහ යටට කතා කරේ නැත්නම් අපි කොහොමද ඇළපිල්ල ඉගෙන ගන්නෙ? සාමා ලස්සනට හිනා වෙලා එයගෙ වල ගැහෙන කම්මුල් පෙන්නුවෙ නැත්නම් අපි කොහොමද දෙවෙනි පිටුව පෙරලන්න හිතට ආපු ආශාව ගෙන්න ගන්නෙ? සල් ගස් වල මල් පිපිලා තිබ්බෙ නැත්නම් අපි කොහොමද "මල් ලස්සනයි, සුවඳයි. අපිත් ඒ වගේ වෙන්න ඕන" කියලා ඉගෙන ගන්නෙ..? ඇත්තටම පොඩ්ඩක් හිතන්න අපිට මොන තරම් නම් දේවල් ඒ දෙන්න කියල දීලා තියෙනව ද වචනයක් වත් කතා නොකර?



     සාමා අමර දෙන්නව පහු කරගෙන අපි ගොඩක් දුර ඇවිත් අද වෙනකොට. ඒ දෙන්නගෙ උඩට අපි මහ බරපතල දේවල් වලින් පිරුනු පිටු කන්දක් පෙරලලා පෙරලලා අපි හැමෝම කියපු විදියට අපේ හිත් වල ඇඳුනු ජීවිතයක් හොයාගෙන, අවකලනය, අනුකලනය, සාහිත්‍ය, දර්ශනය, ගිණුම්කරනය වගේ මහා ලොකු දේවල් තුරුල් කරගෙන ඉස්සරහටම ආවා. අදත්, මේ දැනුත් අපි කරන්නෙ ඒකමයි. හැම දෙයක් ම පෙරලගෙන, හැම දෙයක් ම පහු කරගෙන ඉස්සරහට දුවන එක. එහෙම දිව්වෙ නැත්නම් අනිත් අය අපිව පාගගෙන දුවයි කියලා අපිට බයයි.

 පොඩ්ඩක් හැරිලා බලන්න සාමා-අමර දෙන්නා තාමත් ඉන්න ලස්සන..? දැන් පොඩ්ඩක් හිතන්න ඔයාට තව කී දෙනෙක්, අමතක වෙලාද කියලා.. නැත්නම් ඔයා අමතක කරලා ද කියලා.. නවතින්නෙ නැතුව ඔය දුවන ගමන් ම බලන්නකෝ..

  බය වෙන්න එපා. මම මේක ලියන්න පටන් ගත්ත විදියට "අමරට සාමා ව අමතක වෙලා නෑ". එක නදීක ගුරුගේ ගෙ කල්පිතයක් විතරයි. අපිටයි අපිව අමතක වෙලා තියෙන්නෙ.


"සිහින ලොවක් හදලා 
මුර සෙබලුන් ළඟ තියලා
මා රැජිණිය කරලා
යන්න ගියා නුඹ නොකියා" 

මෙහෙම යන්න ගියේ අපේ සතුට, සැහැල්ලුව මිසක් අමර නෙවෙයි නේ ද? එදා හිටපු ඔයයි, අද ඉන්න ඔයයි අතරෙ කොච්චර නම් දුරක් තියෙනවද?







දැන් ඔයා එක ම එක මොහොතකට අමර වෙන්න. ඔයා සාමා වෙන්නකෝ. දැන් මතක් කරගන්න පලවෙනි පිටුව. ඔව් අපි හැමෝම පටන් ගත්ත තැන. ඔයා දැන් ඉන්නෙ සල් ගහ යට. ආයෙම සැරයක් කියන්න. "මල් ලස්සනයි, සුවඳයි."

Categories