Tuesday, August 9, 2011

Kale aura Sapheda (Black and White)


     අස්වින්දයාගේ ලෝකයට ආපහු මහා ම මහා ලොකු කළු වළාකුළක් ඇවිදින්. "බිග් A" මාස දහයකට පස්සෙ ගෙදර ආවනෙ. එයා හැමදාම වගේ ආවෙ නම් සතුට බැගේජ් එකේ දාගෙන. ඒත් හැමදාම වෙන දේ තමයි මේ පාරත් උනේ, නෑ නෑ වෙමින් පවතින්නෙ. මේ දෙවල් නම් අස්වින්දයට එච්චර අමුතු, නොපුරුදු දේවල් නෙවෙයි. ඒත් අස්වින්දය ගේ හිත නම් ගොඩක් රිදිල තියෙන්නෙ. ඒ නම් "බිග් A" වත්, "බිග් C" වත් නිසා නෙවෙයි. අස්වින්දයට අර "බීසී" එකේදි මුනගැහුණු කොණ්ඩෙ මල් ගහපු කෙල්ල නිසා.
    අස්වින්දයා හිතන් ඉන්නෙ එයාගෙ මුලු ලෝකෙ ම එයා කියල. ඒත් ඒක එහෙම නෙවේයි දෝ කියලා දැන් දැන් නම් ඌට සැකයි. පහු ගිය දවස් ටිකේ ම එයාල රණ්ඩු උනා. කිසිම වැඩක් ඇති දේවල් වලට නම් නෙවෙයි. ඔය අතරෙ සිද්ද වුනු වැදගත් ම දේ තමයි අස්වින්දයගෙ ට්වීට් කෙරුවාවට සම්බාධකයක් වැටිච්ච එක. කවදාවත් "ට්විටරය" පැත්ත පලාතෙ ගිහින් නොතිබුණු කොණ්ඩෙ මල් ගහපු ඇත්ති එක පාරට ම ආක්‍රමණයක් එල්ල කර නෙ අස්වින්දයාගේ ට්විටර් පි‍ටුවට. ඒකෙ තිබුණ ඌගෙ අර "අස්වින්දවාදයේ එන රූපක පලහිලව්ව" නිසා මොලේ කොලොප්පන් වෙලා දාපු ට්වීට් වගයක්. ඒවා දැකල "මල්" ටත් පැන්නා නෙ "මළ". 



Aswinda D Sharp
couldn't touch the guitar today also. she needs every fraction of seconds. what to do?? this is the nature of love
2 Aug via web

 
    ඉතින් මේ වගේ එකක් දැක්කා ම එහෙම වෙන එක අහන්නත් දෙයක් යැ? තරහා ගියා නෙවෙයි. එයාට ගොඩක් දුක හිතුනා. අස්වින්දයටත් එහෙමම යි. ඒත් කොන්ඩෙ මල් ගහපු ඇත්තිගෙ තියෙන හොද ගති ගුණ වලටයි, අස්වින්දයාගේ තියෙන "ලකේ" ට යි එයා තේරුම් ගත්තා "අර කාලකන්නි අස්වින්දවාදයේ රූපක සෙල්ලම නිසා තමයි එහෙම වෙන්නේ කියලා. එයා අස්වින්දයට සමාව දුන්නා. ඒත් එක පොරොන්දුවක් පිට. ඒ තමයි "එයා එයාගෙ හැම දුකක් ම අස්වින්දයත් එක්ක කියනවා වගේ අස්වින්දටත් හැම දුකක්, කරදරයක් ම එයාත් එක්ක කියන්න කිව්වා. එයාගෙ වැරදි ඇති, ඒවත් කෙලින් ම එයාට කියන්න කිව්ව. ඒ වගේ ම 'අර රූපක සෙල්ලමේ හැම අනිත් පැත්තක් මත් එයාට කියන්න කිව්වා." කොහොමින් කොහොම හරි අන්තිම ට දෙන්න ආපහු කිරි පැණි වගේ! 



   ඉතින් ආපහු ප්‍රශ්නේ ඇදුනෙ අස්වින්දයත් එක්ක කතා කරන්න කිසිම දෙයක් "මල් ඇත්ති" ට නැති උනාම. ඒක අස්වින්දයාට ගොඩාක් රිදුනා. ඌ "ටෙක්ස්ට්" එකක් යැව්වා. 
  
To:- ******
  I too feel so sad. I've tons to tell you but you don't have anything. So I'm not going to tell any of except one thing. "I LOVE YOU ****..! let's text later..


ඒක යැව්වට පස්සෙ ආවෙත් ෂොට් රිප්ලයි එකක්.


From:-******
Ah it's k. let's text later. 




දැන් අස්වින්දයට මාර දුකයි. මිනිහා තනියම කියව කියව හිටපු පොතත් පැත්තකට දාලා කල්පනා කරන්න පටන් ගත්තා. එයාට මතක් උනා ඉස්සර "මල් ඇත්ති" එවපු ලස්සන "ටෙක්ස්ට්ස්".  ලස්සන ලස්සන කතා, සින්දු, කවි... තව කොච්චරක් නම් ද..? "මල් ඇත්ති" එක ම දේ නැවත නැවත එවන්න අකමැති කිව්වා නෙ. ඒත් අස්වින්දයට නම් ඒ එකම දේ "නහුත" වාරයක් එව්වත් අමතක වෙන්නෙ නෑ කියල කියන්න ඕන උනත් කිව්වෙ නෑ. මිනිහගෙ හිතේ "මල් ඇත්ති කවදා හරි වෙන කෙනෙක් නෙලන් යාවි" කියලා තියෙන කලු පාට සිතුවිල්ල ආපහු උඩට ආවා. ඇයි දෙය්යනේ තව අවුරුදු අඩු ම ගානෙ දහයක් වත් යනකන් අස්වින්දයට කියන්න තියෙන්න මල් ඇත්තිට කියල ම එපා වෙලා කියපු දේ නෙ. මොකො "ටෙක්ස්ට්ස්" වලින් බබ්බු හදන්නෙයි? 
   වෙන දා නම් අස්වින්දයා දුකෙන් ඉන්න කොට ඒ බව මල් ඇත්තිට නිකන් ම තේරෙනව. අහනව "මොකද ප්‍රශ්නෙ?" කියල. ඒත් අද ෂෝට් රිප්ලයි එකෙන් එයා ඒ ඔක්කොම නැවත්තුව නෙ. අස්වින්දයට දැන් කියාගන්න බැරි තරම් දුකයි. ගෙදරත් තත්වෙ අන්තිමයි. මල් ඇත්තිත් නෑ දුක බෙදා ගන්නවත්. අස්වින්දය හිතුවෙ අර ටෙක්ස්ට් එකෙන් පස්සෙ එයා අහයි කියලා මොක්ද අස්වින්ද ප්‍රශ්නෙ කියල. එතකොට අර එයා කලින් කිව්ව විදියට කෙලින් ම බනිනයි එයා හිටියෙ. ඒත් ඒක එහෙම හිතපු විදියට ම උනේ නෑ නෙ. ඉතින් ඌ තව ට්වි‍ටුවක් දැම්මා පරණ විදියට ම ඕන දෙයක් වෙද්දෙන් කියලා.




Aswinda D Sharp
Two days ago she asked me to tell everything in my mind to her without hiding anything. When im trying to do that she says "thou shalt not"


   අන්තිමේ දි අස්වින්දයා ඇදෙන් නැගිටල ගිහින් ලැප් එක දිග ඇරගෙන ගූගල් ඉමේගස් වල "Love Fading Away" කියල ටයිප් කරල ලෝඩ් වෙනකන් බලන් හිටියා. මොකෝ මේක "වීනු ආන්ටි" ගේ වත් "බිග් C" ගෙ වත් බර බරයක් නෙවෙයි නෙ. සම්පූර්නෙන් ම අභ්‍යන්තර අර්බුධයක්. එතකොට ම දෙපාරක් "කූං කූං" ගාපු අස්වින්දයගෙ දුරබණුව කෙටි පණිවුඩයක් තියෙනවා කියල පෙන්නුවා. බලනකොට "මල් ඇත්තිගෙන්....!"

"Remember to remember me,
Forget to forget me,
If you forget to remember me or,
Remember to forget me,
It won't change me,
Cz I always remember you,
Every fraction passing by..."




0 comments :

Categories