"මේ, මොකක් ද බන් උඹට වෙලා තියෙන්නෙ? ඔය කොණ්ඩෙ රැවුල කපල දාලා මනුස්සයෙක් වගේ හිටපන්කො. බලපන් උඹ දැන් මාස ගානක් තිස්සෙ ඔය ඩෙනිම නේ ද පට්ට ගහ ගහා අඳින්නෙ? ගඳ ගහනවනේ බන්. මෙතන්ට ඕන තරම් ඔය ලස්සන ලස්සන කෙල්ලො එනව නෙ. ඔය එකක් දාගනින් බන්. කල්ලමරේ එතකොට. බූරුවො කෙල්ලො කියන්නෙ අපිට ආතල් දෙන්න ඉපදිච්ච ජාතියක්. උන් නිසා අපි මල උලව්වෙන් දුක් විඳින්න ඕන නෑ බන්. පොඩ්ඩක් හිතපන්කො. උඹ ලෝකෙ පෙරලන්න ගියාට ඇතුලෙන් උඹ මහ දුර්වලයෙක් බන්.. ඔන්න පට්ට කෑල්ලක් එනවා.. ඔන්න බලපන් ම0 දාන ටෝක් එක.. "
ඔහ් මයි බෝයි! ඔහොම නම් හරියන්නෙ නෑ කොල්ලො. අද නම් යූ ආ මාර ටයර්ඩ් ලුකින්ග්. මo අද තකහනියක් ම ආවෙ ඔයත් එක්ක ඉන්න නෙ. පොඩ්ඩක් හිනා වෙලා ඉන්නකෝ. ම්ම්ව්ව්ව්වාආආඅහ්හ්හ්හ්! මට අද නම් ඔයාව ඕනෙමයි. මේ.. පොඩ්ඩක් ගන්නකෝ. එතකොට ඔය සෑඩ් මූඩ්ස් ඔක්කොම ෂේප්. :ඩී "වේට් ඩාර්ලින්ග්, අයි'ල් ඔර්ඩර් සම් ..."
"සහෝදරවරුනි, අපි මේ වෙලවෙ එකාවන් ව නැගී හිටින්න ඕන මේ ජනතාවිරෝධී ආණ්ඩුවට එරෙහිව. ***පස්ස රෙජීමයේ මේ ගහන්න හදන්නෙ ස්වාධීන අධිකරණෙ පෙට්ටියට අන්තිම ඇණේ ගහන්න. ඒකට අපි ඉඩ දෙනවද..? නෑ සහෝදරවරුනි... අපි එකාවන් ව නැගී සිටින්න ඕන.. සිය දහස් ගණනින් එක්වන්න ඕන.. එහෙම උනොත් වැඩ කරන ජනතාවගෙ නිදහස, නීතිය සාමය රජ කරන දවස වැඩි ඈත නෙවෙයි කියල මම මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරන්න කැමතියි.. "
"බබා, අනේ ඇයි ඔයා මෙහෙම කරන්නෙ? අහ්? ප්ලීස් බබා. මට මෙහෙම දුක් දෙන්න එපා. ඔයා හොඳටම දන්නවා අපි දෙන්නා ගැලපෙන්නෙ නැති බව. දෙන්නෙක් ආදරේ කරනව කියන එකෙන් හැමදෙයක් ම හරියන්නෙ නෑ නෙ. ඒකට තව කොච්චරක් නම් දේවල් ඕන ද? මේවා ගැන ඔයා මට වඩා හොඳට ඔයා දන්නවා. ඔයාගෙ ඇතුලෙ නිදන් ඉන්න කෙනා ට නැගිටින්න දෙන්නෙ නැත්තෙ ඔයාමයි. ඔයා මට ඇත්තටම ආදරෙයි නම් ඔයා කරන්න ඕන මටයි "ජෙහාන්" ටයි සතුටෙන් ඉන්න දීලා ඔයාගෙ ජීවිතේ ලස්සන කරගන්න එක බබා ..."
"There's a lady who's sure all that glitters is gold
And she's buying a stairway to heaven.
When she gets there she knows, if the stores are all closed
With a word she can get what she came for.
Ooh, ooh, and she's buying a stairway to heaven."
1 comments :
අමුතු ලියවිල්ලක්..
Post a Comment