Saturday, March 23, 2013

"ගඟට උඩින් කොක්කු ගියා..."



    අඬන්න එපා මයෙ දූ පැටියෝ.. අපි අඬනකොට අම්මිටත් දුකයි නෙ පැටියෝ.. අපි යමුකො අම්මිට කරදර නොකර අපේ අලුත් ගෙදරට.. අම්මි, චූටි නoගියෙකුයි, ඒ නoගිට තාත්තියෙකුයි ගෙනාපුවම අපිට ඉඩ මදියි නෙ මේ ගෙදර වස්තුව. තාත්ති පොඩි ගෙයක් ගත්තා නෙ අපිට ඉන්න. මේ ආච්චි අම්මත් එනවා නෙ මගෙ දූ පැටියව බලාගන්න.. :ඩී ම්ම්ම්ම්ව්ව්ව්වාආආඅහ්හ්හ්! :ඩී කෝ පෙන්නන්නකෝ කිරි දත් ටික.. තාත්ති ආසයි නෙ දූ පැටියගෙ සුදුම සුදු පාට දත් ටික බල බල ඉන්න.. අහ් අපි සුදු පූසිවත් අරන් යමුකෝ.. :ඩී  එතකොට පැටි‍යට පුලුවනි නෙ සෙල්ලම් කර කර ඉන්න..
   
      මයෙ පැටියා ආදලෙයි නේ ද අම්මිට? :ඩී :ඩී ඒක නිසා නෙ අපි යන්න ඕන වස්තුව.. අම්මි හිනා වෙලා ඉන්න ඕන නිසා නෙ :ඩී කෝ දැන් දූ පැටියා දොයියන්නකෝ.. තාත්ති ඉන්නව නෙ පැටියා ළඟ.. මට අම්මිට වගේ කවි කියන්න බෑ නෙ ලස්සනට පැටියෝ... :)

"අම්මා නුඹේ කිරට ගියා
කිරි එරවා එන්න ගියා
කිරි මුට්ටිය ගඟේ ගියා
ගඟට උඩින් කොක්කු ගියා..."


6 comments :

Anonymous said...

mehemath ammala sapa wenawa

Anonymous said...

sapa wela madi....athma ganak yanakal

Anonymous said...

shit...jara gaeniyek...

Anonymous said...

B***H

Anonymous said...

mokakda mea loketa wenne kiyala mama magen prashna ahapu dawasak thibuna...ow matama uththare labuna....adaray dannathi jara gaenu...ai mea loketa thawath wadak nae

Anonymous said...

ohoma pirimith innawa

Categories