Wednesday, May 23, 2012

"වෙනස"


චමත්කාර අකුරු පෙළක්,
හිම, ගල් වෙන,
ගල්, දිය වෙන,
අහස පොළොව භේද කරන
නැත අන් වදනක්..

ගිනි රස්නෙට හිම ගල් වුනාවේ,
හිම සීතෙන් ගල් දිය වුනාවේ,
ඒ ඔබ නිසයි, 
                 ඔබේ අරුත එයයි...                                                                     

                                                                    
ආදරය දිය සිහිලේ,
වෙනස ගිනි හිරු කිරණේ,
මිදී මා අත්වින්දේ,
ඔබ නිසයි, ඒ ඔබ නිසයි..

"වෙනස" ඒ ඔබ නමයි,
ඒ වදන් ඔබ ගැනයි,
එය ජීවමාන බව ,
     අත්වින්දේ මම අදයි..


 
ආදරය දිය සිහිලේ,
වෙනස ගිනි හිරු කිරණේ,
මිදී මා අත්වින්දේ,
ඔබ නිසයි, ඒ ඔබ නිසයි..
"වෙනස" ඒ ඔබ නමයි..
ඒ වදන් ඔබ ගැනයි..
එය ජීවමාන බව
අත්වින්දේ මම අදයි..
                                                     
                                                          -අයිෂ්වරී



අස්වින්දයගේ ලෝකෙ පාලුවට ගිහින් තිබුන ඇති කියල හිතුන නිසයි මේ පෝස්ට් එක දැම්මෙ. මේ කවිය මම ලියපු එකක් නම් නෙවෙයි. ඔය යටින් තියෙන කෙනාගෙ වචන මම අකුරු කරා විතරයි. :ඩී

0 comments :

Categories