Thursday, May 24, 2012

ගී - රූ සෑය


"අහසයි ඔබ මට
නිම්හිම් නොපෙනෙන
ඉණිමo බඳිනු බැරි..
පොළොවයි ඔබ මට
තරුවක් විලසට
රෑ කල පතිත වෙමි.."








              "අහස ගුගුරා
               අකුණු පුපුරා
               මගේ හිත
               වැන්දඹු උනා.."






"සිහින අතැර ගිය ජීවිතේ
මරියානා ආගාධයේ තනිකමේ
හිඳිමි මම ඔබ ද එය දන්නවා..
සිහින සොහොන ළඟ ජීවිතේ
නොමළ සිත සමඟ තනිකමේ 

හිඳිමි මම ඔබ ද එය දන්නවා.."






"අපි ආයේ දවසක
හමුවෙමු ද මේ අද වගේ
දැන් ඉර ගිලෙයි මුහුදේ
කලුවර පිපෙයි දෙපසේ
වෙන්වෙමු ඉතින්
හමුවන සිතින්
අපි ආයේ දවසක අද වගේ"






"මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කඳුළැලි දරා
මම මග බලා සිටියා
නෙතු ගනඳුරට තරුවක් වෙලා
ඔබ එතැයි සිතා
සිල් බිඳලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා"







"තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක් වේ
නුඹ රැඳී දෑසේ..."






"ඊයේ ඇස් වල තිබු කඳුලු
පිසලන්නට බෑ කියු නිසා
ඒ කඳුලේ ආදරයේ පැහැයක්
මා නෑ කියු නිසා
සඳ අඳුරට උරුම වෙලා.."








"මල් වරුසාවේ පාවී එන්නම්
තරු කැට අතරින් ඔබ එනවා නම්
රැඳෙන්නම් සිහිනේ
සීත රැයේ තනිකම නොදැනේ
නිල් ආකාසේ පාවී එන්නම්..
" 






"කළු පාට වළාකුළු කතාවක් නෑ
තරු නිවී තරු නිවී රාත්‍රියේ
සඳක් නැති අහසේ අරමුණක් නැතිව මo
ගිනි අරන් ගිනි අරන් මොනවක් හොයන්...
උල්කාපාතයක් අහසේ ගිනි අරන්
අලු වෙලා පොළොවට වැටෙන උල්කාපාතයක්.."








"පුර හඳ තියෙන රෑට තරු එළි නිවා දමන්න
ලෝබ කමට මූන සිඹින්න
රෑට රෑට සඳ යහනට කතා කරන්න
ඇස් දෙක දිහා බලන්න
ආදරේට පාර කියන්න
ඇස් දෙක දිහා බලන්න
පෙම්බර දේවිය වෙන්න..."








 "ඔබ එන්න
ඔබ ඇවිත් යන්න එන්න
සෞම්‍ය සඳ සේ මා
වත රූ සිරි බෝමා
සන්සුන් ගමනේ රූ සිරි බෝමා
ආදරේ නොකියා
ඉන්නේ කෝහොමා
මගෙ රන්කඳට
මo ආදරෙයි.."



යාලුවනේ, පපන් නිදිමතේ කියන විදියට, පොන්නම්පෙරුම සර් නට නට කියන විදියට, මුනේ ගොන් පපා කියන විදියට, ජනක සර් ෆුල් සිරා මූඩ් එකකින් කියන විදියට කාලය "අදිශයක්" ඒ කියන්නෙ ඒක ආපහු හරවන්න බෑ. මට ආපහු අතීතෙට ගිහින් මේ "නොගැයූ ගී" ගයන්න කෙනෙක් නෑ. ඉතින් තමන්ගෙ හිත් මුමුණන ගී පද ඉක්මනටම පිටකරන්න. මොකද "කාලය අදිශයක්!!"

1 comments :

Anonymous said...

"taj mahalak thanawanna nae mata
obe senehasata himi
his ahase gawenna tharamata
gee sayak bandimi.."

Categories