Thursday, May 2, 2013

අපේ මාවත(මගේ..?)


මේ මාවතේමයි මල් පිපිලා සැලුනේ
මේ මාවතේමයි මල් පරවී වැටුනේ
මේ මාවතේමයි සෙවණැලි පෙළ සැදුනේ
මේ මාවතේමයි ඒ සෙවණැලි මැකුනේ

මේ මාවතේමයි අතැඟිලි ගැට ගැහුනේ
මේ මාවතේමයි ඒ අතැඟිලි ලිහුනේ
මේ මාවතේමයි නුඹෙ උණුසුම දැනුනේ
මේ මාවතේමයි මට තනිකම දැනුනේ...



අස්වින්ද-අයිෂ්වරී කතාවෙ සoවත්සරය අද. ඒ වෙනුවෙන් තමයි මේ පෝස්ටුව. (වචන මගේ නෙවෙයි. පින්තූරෙ විතරයි මට අයිති.)

0 comments :

Categories